මෙරට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ජපන් රජයෙන් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක්

Published in පුවත්
Monday, 19 February 2024 13:14

ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුලු ප්‍රවාහන කටයුතු සදහා ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රදානයක් ලැබී තිබෙනවා.

එම ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් බාරදීම ඊයේ(18) කොළඹ වරායේ “ඩොල්ෆින් ජැටිය” පර්යන්තයේ දී සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා විසින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ වෙත ඉහත ප්‍රදානය නිල වශයෙන් ලබා දුන් බව සඳහන්.

ප්‍රදානයක් ලෙස ලැබුන මෙම ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 සෞඛ්‍ය ආයතනවලට බෙදාහැරිමේ කටයුතු සදහා Fuel Management Information System (FIMS) පද්ධතියක් නිර්මාණය කර ඇති අතර, එම පද්ධතියට ඉන්ධන ලබාගත් වාහන, ලබාගත් ඉන්ධන ප්‍රමාණය, සෞඛ්‍ය ආයතන පිළිබද සියලු තොරතුරු දත්ත ඇතුළත් කරනු ලබනවා.

එම සියලු කටයුතු ජපන් රජයේ සෘජු අධීක්ෂණය යටතේ සිදුවීම ද විශේෂත්වයක්.

සුපර් ඩීසල්, පෙට්ට්‍රල් ලබා නොදෙන අතර, ඛනිජ තෙල් නිෂ්පාදන අඛණ්ඩව සැපයීම සිදු කරනු ලබන සිපෙට්කෝ (Ceylon Petroleum Corporation – CEYPETCO) ආයතනයත් සමඟ එක්ව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ක්‍රියාවට නංවනු ලබනවා.

මෙම අවස්ථාවට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ප්‍රවාහන) නිලංග සෝමපාල ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියා.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us