කොළඹ වරාය නගරයේ  තීරු බදු රහිත සාප්පු සංකීර්ණය  අප්‍රේල් මාසයේදී විවෘත වේ

Published in පුවත්
Monday, 19 February 2024 13:34

එළැඹෙන අප්‍රේල් මාසයේදී කොළඹ වරාය නගරයේ ඉදිකළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කිරීමට නියමිතය.   කොළඹ වරාය නගරයේ දැන් ඉදිරීම් අවසන් වෙමින්  පවතින දකුණු ආසියාවේ ප්‍රථම නාගරික තීරු බදු රහිත (downtown duty-free store) සාප්පු  සංකීර්ණය  විවෘත වීම ඓතිහාසික ආර්ථික සන්ධිස්ථානයක් නිර්මාණය කරනු ඇත.

One World Duty Free (ODF), සිංගප්පූරුව පදනම් කරගත් ව්‍යාපාරික ආයතනය ශ්‍රී ලංකාවේ පළමු වරාය නගර තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කිරීම සඳහා  කටයුතු සිදුකරමින් ඇත.

විදේශයන්හි සිට ආපසු පැමිණෙන ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට සහ නේවාසික රාජ්‍ය තාන්ත්‍රිකයින්ට කොළඹ වරාය නගර කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද රෙගුලාසිවලට අනුව  කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණයකින් ඇමෙරිකානු ඩොලර් 5000ක් දක්වා භාණ්ඩ මිලදී ගැනීමට අවසර ලැබේ. නමුත් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට  මිලදී ගැනීමට අවසර භාණ්ඩ වර්ග හා සීමාවන් පවතී.

විදේශ සංචාරකයින්ට මිළ වටිනාකම්  සීමාවක් නොමැති නමුත් එක් සංචාරයකට පරිමා සීමාවකට යටත් වේ.

ශ්‍රී ලංකාවේ අවසර ලත් පාරිභෝගිකයාට තීරුබදු රහිත භාණ්ඩ නැවත විකිණීමට හෝ හුවමාරු කිරීමට නොහැකිය. එහි එකම අරමුණ වන්නේ පවුලේ සාමාජිකයන් අතර ස්වයං පරිභෝජනය සහ භාවිතයයි.

විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන්ටද ගුවන් තොටුපළෙන් රැගෙන යා හැකි සීමාවෙන් පිටත භාණ්ඩ මිලදී ගත හැකිය.

තීරුබදු රහිත අලෙවිසැල් මඟින් විදේශීය ගනුදෙනුකරුවන්ට අන්තර්ජාලය හරහා අසීමිත ප්‍රමාණයක් අලෙවි කළ හැකිය. කොළඹ වරාය නගරය ඩොලර් (බහු මුදල්) විශේෂ ආර්ථික කලාපයක් වනු ඇත.

මේ අතර කොළඹ වරාය සහ කොළඹ වරාය නගරය කටුනායක ගුවන් තොටුපළට සෘජුවම සම්බන්ධ කරන Port Access Elevated Highway (PAEH) ව්‍යාපෘතිය 2024 ඔක්තෝම්බර් මාසයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.  කටුනායක ගුවන් තොටුපළ අතර විදේශිකයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අයුරින් කොළඹ වරාය දක්වා අධිවේගී මාර්ගයද සැලසුම් කර ඇත.

ඒ වෙනුවෙන එයාර්පෝට් ඇන්ඩ් ඒවියේෂන් සර්විසස් ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටඩ් විසින් කොළඹ වරාය නගරයේ ප්‍රවේශපත්‍ර කවුළුවක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

අධිවේගී මාර්ග (Port Access Elevated Highway -PAEH) ව්‍යාපෘතිය මගින්, කොළඹ නව කැලණි පාලම සහ ගාලු මුවදොර අතර අදාළ පහසුකම් සහිත  අධිවේගී මාර්ගය කිලෝමීටර් 5.3ක් (කි.මී.) පමණ ඉදි කෙරේ. දකුණු ආසියා උප කලාපීය ආර්ථික සහයෝගීතාවයේ (SASEC) නිලධාරියෙකු පැවසුවේ ව්‍යාපෘති වැඩවලින් 85% කට වැඩි ප්‍රමාණයක් මේ වන විට අවසන් කර ඇති බවයි.

WhatsApp Image 2024 02 19 at 13.29.04 dc98e74a

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us