මෙරට කුකුළු මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්‍රියාවලියක් අනුව සිදුකිරීමට චීන රේගු පාලන ආයතනය සහ කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත් පතෙහි නියෝජ්‍ය‍ය කතෘ වරයා වශයෙන් සේවය කළ සුමුදු චතුරාණී ජයවර්ධන මහත්මියව වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් නෙරපා හැරීමට ලේක් හවුස් පාලනාධිකාරිය තීරණය කර ඇති බව දැන ගැනීමට ඇත.

ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඇතැම් මාධ්‍ය ආණ්ඩුවේ 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට අකමැති නමුත් මාධ්‍ය කුමන චෝදනා කළ ද ආණ්ඩුවේ කෝච්චිය නොනවත්වන බවත්, රට 'ක්ලීන් කිරීම' අඛණ්ඩව සිදුකරගෙන යන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද (07) පස්වරු 2ට ආරම්භ කෙරුණි.

ලෝකයේම අවධානය යොමු වී ඇති චීනයේ ව්‍යාප්ත වන එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසයි.

පසුගිය සමයේදී සිදුකරනු ලැබූ අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ld add copy

Connet With Us