බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබිය දී අනතුරට ලක්වූ බස් රථයේ සිට තුවාල ලැබූ සිසුන් දසදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

“ඒහි පස්සිකෝ“ සාම පාද යාත්‍රාව වැඩසටහන වැඩසටහනේ අවසන් දිනය අද කොළඹ කේන්ද්‍ර කර ක්‍රියාත්මක කිරීමට අදාළව විශේෂ රථවාහන සැලැස්මක් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කර තිබේ.

2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත 2025/26 අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද (28) සිට මැයි 19 දක්වා සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) ප. ව. 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පුරෝකථනය කර තිබේ.

2026 වසරේ මැද භාගයේ සිට ගෝලීය උෂ්ණත්වය සහ වර්ෂාපතන රටාවන්ට බලපාන එල් නිනෝ තත්ත්වයේ වර්ධනයක් සිදුවිය හැකි බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කර තිබේ.

ld add copy

Connet With Us