සෝමාවතිය - සුංගාවිල ප්‍රධාන මාර්ගය තවදුරටත් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය අත්හිටුවීමට පොලීසිය කටයුතු කර තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

වසර 6ක් තිස්සේ ප්‍රමාද කර ඇති රේගු නිලධාරින්ගේ උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රේගු වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

මෙම වසරේ නිවාස වැඩසටහන යටතේ නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

දකුණු පළාතෙත් රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (22) දින පුද්ගලයින් 958 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

වසර 6ක් පුරා ප්‍රමාද කර ඇති රේගු නිලධාරීන්ගේ උසස්වීම් හා වැටුප් මෙන්ම තවත් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් වහාම ලිඛිත, සාධාරණ විසඳුම් ලබා නොදෙන්නේ නම් අකමැත්තෙන් වුවද දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රේගු වෘත්තීය සමිති සන්ධානය පවසයි.

උඩරට එළවළු රැසක තොග මිල ගණන් පහත බැස ඇති බව වෙළෙඳුන් පවසයි.

ld add copy

Latest News

ජොන්ස්ටන්ට ඇප !

ජොන්ස්ටන්ට ඇප !

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිතා කළ බවට වන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍...

Connet With Us