පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95%කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු දත්ත වැරදි බව හෙළිවෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇතැයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසයි.
කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) සවස 6 සිට අනිද්දා (17) පෙරවරු 6 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් හානිවූ වගාවන් සඳහා වන්දි මේ මස අවසානයේ ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකාව තුළ නව සංචාරක කලාප 13 ක් හඳුනාගෙන තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙ.
චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයට ළඟා වී තිබෙන බව වාර්තාවේ.