ගංගා ද්‍රොණිවල ජල මට්ටම්වල අඩුවීමක්

Published in පුවත්
Thursday, 14 May 2026 07:43

ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් ඉහළ ගොස් තිබූ ගංගා ද්‍රොණිවල ජල මට්ටම්වල අඩුවීමක් පෙන්නුම් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, මේ තත්ත්වය තුළ නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය වැනි ගංගා ද්‍රොණිවල පිහිටි ජල මට්ටම්වල අඩුවීමක් පෙන්නුම් කරන බවය.

විශේෂයෙන්ම කළු ගඟ මිල්ලකන්ද හැර අනෙකුත් ස්ථානවල ජල මට්ටම් අඩුවෙමින් පවතින බවද සඳහන් කළ ඒ මහතා, වර්ෂාපතනයේ අඩුවීම සමඟ මෙම තත්ත්වය පැවතිය ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන සමඟ තවදුරටත් වර්ෂාපතනය ඉදිරි දිනවල ලැබිය හැකි බැවින් මෙය තාවකාලික අඩුවීමක් විය හැකි බවද පැවසීය.

මේ වනවිට ප්‍රධාන ජලාශ 73න් 18ක් වාන් දමමින් පවතින අතර, මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 18ක් ද වාන් දමමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම ජලය මුදාහැරීම කිසිවිටෙකත් මහා ගංවතුරක් දක්වා වැඩිවීමක් පෙන්නුම් නොකරන අතර, පවතින තත්ත්වය පිළිබඳ ඉදිරියේ දී දැනුම්දෙන බවත් ඒ අනුව අවධානයෙන් සිට කටයුතු කරන ලෙසත් සූරියබණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර දැදුරුඔය ජලාශයේ විවෘත කර තිබූ සියලු වාන් දොරටු අද (14) දින උදෑසන 7.00ට වසා දැමූ බව වාරියපොළ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us