ශානි අබේසේකරව DIG තනතුරට උසස් කිරීමට නියෝග Featured

Published in පුවත්
Wednesday, 13 May 2026 19:06

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධික‍ාරී ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය නියෝග කර තිබේ.

ඒ අනුව මේ පිළිබඳව අද (13) ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.

2026 වසරේ අගෝස්තු මස 25 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබා දී ඇති අතර වැඩ තහනමට ලක් වූ දින සිට මේ දක්වා ඔහුට අහිමි වූ සියලුම හිඟ වැටුප් සහ දීමනා ගෙවීමටද තීන්දුව ලබා දී තිබේ.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කීර්තිමත් නිළධාරියෙකු ලෙස සැළකෙන ශානි අබේසේකර මහතා මෙරට මෑත ඉතිහාසයේ සිදුවූ සංකීර්ණ අපරාධ පරීක්ෂණ රැසක් මෙහෙය වූ දක්ෂ නිළධාරියෙකු ලෙස සැලකේ.

2020 වසරේ ජූලි මාසයේදී ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගැණුනු අතර මාස 11ක වැනි දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමටද ඔහුට සිදුවිය.

පසුව අභියාචනාධිකරය විසින් ඔහු ඇප මත මුදා හරින ලදී.

කෙසේ වෙතත් 2024 වසරේදී 3/2018 චක්‍ර ලේකයේ ප්‍රතිපාදන අනුව යලි සේවයේ පිටවූ ශානි අබේසේකර මහතා අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරනු ලැබීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us