වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි දත්ත පද්ධතියට සහ අයිතිය පැවරීමේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්යය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව විපක්ෂය විසින් ගෙනඑනු ලබන විශ්වාසභංග යෝජනාවට මහජන අත්සන් ලබාගැනීම අද (10) දිනයේදී ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (10) අලුයම 4 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී පාද - හැටන් මාර්ගයේ නායයෑමට ලක්වූ මහගිරිදඹ ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ශ්‍රී පාදය වන්දනා කිරීමට කිසිදු අවදානමක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තහවුරු කර තිබේ.

දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා කිහිපයක් මුලතිව් මුහුදු තීරයට ඇතුළු වී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම නිතරව සිටි බවට උතුරේ ධීවරයන් චෝදනා කරයි.

දෙවැනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලර් පිළියෙළ කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඇප මත මුදා හැර තිබේ.

ld add copy

Latest News

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තී...

Connet With Us