නව නියාමන ක්‍රමවේදයක් යටතේ සමාගම් කිහිපයකට පමණක් කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය සඳහා අවස්ථාව ලබාදීමට රජය ගෙන තිබෙන තීරණය හේතුවෙන් දේශීය කුළුබඩු වෙළෙඳපොළ බිඳ වැටීමේ අවදානමක් පවතින බවත් තත්ත්වයෙන් බාල නිෂ්පාදන මෙරට කුළුබඩු සමග මිශ්‍රකර අපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වීමේ ඉඩකඩ වැඩි බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට මෙම වසරේ ගතවූ කාලයේදි මානසික ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා දුරකථන ඇමතුම් දාසයදහස් දෙසිය අනූඅටක් (16,298) ලැබී ඇතැයි එම ආයතනය සඳහන් කරයි.

ඊට සමගාමී ව දිවයින පුරා පිහිටි සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබේ.

සමලිංගික සංචාරකයින් කැඳවීම ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

දකුණු පළාත සහ ඌව පළාතට අදාළ සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින තුළ පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

විශේෂ කාර්ය­යන් සඳහා මෙරට පදිංචි වීමට අපේක්ෂා කරන විදේ­ශි­ක­යන් වෙනු­වෙන් වාස වීසා ලබා දීමට ශ්‍රී ලංකා රජය තීර­ණය කර තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන් වේ.

ld add copy

Connet With Us