ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මස (ජනවාරි) ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (04) පැවසීය.

පාසල් ආරම්භවීමත් සමඟ සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

රජයේ අවසරයකින් තොරව උතුරු, නැගෙනහිර, කඳුකර ප්‍රදේශ සහ වැල්ලවත්ත ආශ්‍රිතව කේබල් රූපවාහිනී නාළිකා රැසක් පවත්වාගෙන යන බවත්, මේ නිසා සමාජයට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවත් විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සඳහන් කරයි.

මාධ්‍යවේදීන් වෙනුවෙන් පවත්වාගෙන ගොස් පසු කාලීනව වසා දමන ලද සමාජ ශාලාව (Press Club) නැවත වරක් කොළඹ, ටොරින්ටන් ආශ්‍රිත ඉඩමක පිහිටුවීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

අද ඊයේ වගේ පායයිද ?

Published in පුවත්
Saturday, 04 January 2025 08:56

අද (4) දිනයේ ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළැඹෙන සඳුදා දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව එම සමාගම දැනුම්දෙයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම්‌ කඩකළ ආචාර්යවරුන්‌ 35 දෙනෙකුගෙන්‌ රුපියල්‌ 159,907,138 ක මුදලක්‌ එම විශ්ව විද්‍යාලයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය කොළඹ විශ්ව ව්ද්‍යාලය සම්බන්ධයෙන්‌ නිකුත්‌ කළ විගණන වාර්තාවක්‌ මගින්‌ අනාවරණය කරයි.

ld add copy

Connet With Us