“මෙම ජයග්‍රහණය වෙනුවෙන් විවිධ කැපකිරීම් කරමින් සමහර විට ජීවිත පවා පරිත්‍යාග කරමින් කටයුතු කළ පරම්පරා ගණනක වටිනා මිනිසුන් ගැහැණුන් සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා. මෙම ජයග්‍රහණයත් ඒ සමග ගොඩනගන පොහොසත් රටත්, ඔවුන් වෙනුවෙන් කරන ගෞරවයක් ලෙස මා දකිනවා”ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) රාත්‍රියේ ජාතිය අමතා සිදුකළ විශේෂ සාකච්ඡාවේදීය.

වත්මන් රජය ආණ්ඩුවේ ලේකම්වරුන් පත් කිරීමේදී අදක්ෂයන්ට තැනක් දී ඇති බවත්, චෝදනා ඇති බොහෝ නිලධාරීන් යළිදු නව ආණ්ඩුවේ ලේකම්වරුන් ලෙස දිවුරුම් දීම තම සංගමය කිසිසේත් අනුමත නොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් කීවේය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් හෙට (27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.

බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හෝටල් සහ බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ගාලු මුවදොර අසල ගාල්කර තිබෙන වාහන ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සාකච්ඡාවට ගෙන ඇති අතර ආණ්ඩු පාර්ශ්වයේ හිතවතුන් පළ කර ඇති දැන්වීම් අනුව රජයේ වාහන 6000 ක් පමණ එම වාහන පාවිච්චි කළ පිරිස් විසින් මෙලෙස අතහැර දමා පලා ගොස් ඇත. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු පත් කර තිබේ.

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල ලබන 30 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරණයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ld add copy

Connet With Us