අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව අදහස් දක්වමින් මේ බව පැවසීය.
එහිදී ඒ මහතා පැවසුවේ කිසිදු අවස්ථාවක බොරතෙල් බැරලයක් එවැනි මුදලකට මිලදී නොගත් බවත් මැදපෙරදිග යුදමය තත්ත්වය ආරම්භ වූ පසු බොරතෙල් රැගත් නෞකාවක් පසුගිය මාර්තු මස 11 වැනි දින මෙරටට පැමිණි බවත් එහි මිල වූයේ බැරලයක් ඩොලර් 66.99ක් බවය.
ඉන් පසුව අද (17) දිනයේදී බොරතෙල් නැවක් දිවයිනට ළඟා වීමට නියමිත බවත් එහි මිල වන්නේ ඩොලර් 71.99ක් බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ඒ අනුව බොරතෙල් බැරලයක් එවැනි මුදලකට මිලදී නොගත් බවත් පැවසූ සභාපතිවරයා මෙහිදී පැවසුවේ ඩීසල් මිලදී ගැනීමේදී 286 ඉක්මවූ මිලකට මිලදී ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවූ බවය.
මැදපෙරදිග ගැටුම් හමුවේ ඩීසල් මිලද සීඝ්‍ර ලෙස ඉහළ ගිය බවත් මේ හේතුවෙන් ඩීසල් මිලදී ගැනීමේදී ඩොලර් 288 සිට ඩොලර් 303 දක්වා මුදලකට මිලදී ගැනීමට සිදුවූ බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
-අරුණ

