'දිට්වා' සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදුවූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ වැඩසටහන ආරම්භ කිරිමට සහ වන්දි ප්‍රදානය කිරිම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (6) මහනුවරට පැමිනීමට නියමිතය.

අඩු මිලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදෙන බවට රජය පොරොන්දු වූවත් ඉහළ දමා තිබෙන සුරා බද්ද සියයට දහඅටක (18%) වැට් බදු සහ සියයට දෙකයි දශම පහක (2.5%) සමාජ ආරක්ෂණ බද්ද ආදිය නිසා අඩු මිලට මත්පැන් බෝතලයක් ලබාදිය නොහැකි බවත් මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය සඳහන් කරයි.

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය පවසයි.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි සහිත තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය බිල සියයට 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 400කින් වැඩිකර ලබාදීමට වතු සමාගම් විසින් දිනකට තේ දළු කිලෝ 25ක් ලබාදෙන ලෙස වතු සේවකයන්ගෙන් ඉල්ලීම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි.

ld add copy

Connet With Us