පවතින වියළි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තාගත ලුණු අස්වැන්නක් ලැබී ඇති බවත්, ඉදිරි දින කිහිපයේ ද මෙලෙස වියළි කාලගුණ තත්ත්වයක් පැවතුණොත් රටේ ලුණු අවශ්‍යතාවෙන් බහුතරයක දායකත්වය පුත්තලමෙන් ලබා දිය හැකි මට්ටමක පවතින බවත් ලුණු නිෂ්පාදකයෝ පවසති.

ගිගුරුම් සහිත වැසි

Published in පුවත්
Friday, 19 September 2025 07:55

අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සවයකට පැමිණ සිටි බව වාර්තා වෙනවා.

ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් අද දින(18) තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශ කරනවා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ (BIA) කාර්ය බහුල වේලාවන්හිදී ගුවන් මගීන්ගේ පහසුව සඳහා මෙහෙයුම් කටයුතු සුමටව සිදු කිරීමට, අමුත්තන් සඳහා පිටත්වීමේ පර්යන්ත ආලින්දයට ඇතුළුවීම පිළිබඳව පෙර දැනුම් දී තිබූ සීමා කිරීම පහත පරිදි සංශෝධනය කර ඇත.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසයි.

දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසයි.

දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ld add copy

Connet With Us