වැසි රහිත කාලගුණයක්

Published in පුවත්
Wednesday, 25 December 2024 08:13

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (25) දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නත්තල් දින කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 45,000ක ප්‍රමාණයක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

නත්තල යනු වාද භේද දුරලා මනුෂත්වයේ නාමයෙන්, සමඟියෙන් හා සාමයෙන් කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමෙන් ශ්‍රී ලංකාව ඉවතට ගියත් නැවත ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරී සාමාජිකයෙකුවීමට තවමත් හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

උත්සව සමය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් අද (24) සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ld add copy

Connet With Us