අද කාලගුණය

Published in පුවත්
Friday, 19 December 2025 07:48

අද (19 ) නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පවතින වර්ෂාපතනයත් සමග වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි.

මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කළ බව මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම් මදුපානී පියසේන මහත්මිය පැවසීය.

සීප්පුකුලම ප්‍රදේශයේ දී වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ව මේ මස 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරපුර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වීමට තිරණය කර ඇති බවත්, ඒ සදහා එම පක්ෂයේ ජාතික සභාව කැදවන ලෙස එම පක්ෂයේ උප සභාපතිවරුන් කිහිප දෙනෙකුට දුරකථනය ඔස්සේ කථා කර දැනුම් දී ඇත.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

2025 දෙසැම්බර් මාසයට අදාළව අවුරුදු 70 ට ඉහළ වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව බැංකුගත කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

පිලිස්සූ පුද්ගලයා කවුරුන්දැයි සෙවීමට යුද හමුදා රහස් ඔත්තු සේවයේ නිලධාරීන් සමග අනුරාධපුර වනසත්ව අඩවි කාර්යාලයයේ නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ld add copy

Connet With Us