මිය යන විට 66 හැවිරිදි වියේ පසුවූ ඔහු දෙදරු පියෙක්.
හදිසියේ ඇති වූ හෘද රෝගී තත්ත්වයක් මත පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ ඔහු, පසුව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා.
කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය යන විද්‍යාලයන්හි ඉගෙනුම ලැබූ ඔහු, පසුව ආධුනික මාධ්‍යවේදියෙකු ලෙස මල්ටිපැක්ස් ආයතනය ප්‍රකාශයට පත් කළ 'ඉරිදා' පුවත්පතේ කර්තෘ මණ්ඩලය සඳහා එක්ව තිබෙනවා.
පසුව දිවයින කර්තෘ මණ්ඩලයට එක්වූ ඔහු, දිවයින පුවත්පතේ ව්‍යාපාරික කර්තෘ සහ විදේශ පුවත් කර්තෘ වැනි තනතුරු දරා දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ ධුරය ද හෙබවූවා.
ප්‍රකට විශේෂාංග ලේඛකයෙකු වූ ඔහු, නූතන පුවත්පත් කතුවැකිය සඳහා විශිෂ්ට ආරක් නිර්මාණය කරමින් දශක දෙකකට වැඩි කාලයක් දිවයින පුවත්පතේ කතුවැකිය රචනා කළා.
ජනමාධ්‍ය කලාව පිළිබඳව විදේශ රටවල් ගණනාවක පුහුණුව ලද ඔහු, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පිරිනමන ආරාධිත අමුත්තන්ගේ නායකත්ව ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අමෙරිකාවේ ප්‍රාන්ත පහකදී ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් ද හදාරා තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය උපදේශකයෙකු ලෙස ද සේවය කළ ඔහු 'ලෝක විනාශයේ ඇත්ත කතාව' නම් ග්‍රන්ථයේ කතුවරයායි.
ඉසුරු සහ යසෝදරා යන දරු දෙදෙනාගේ පියා වූ ඔහු, විවාහ වී සිටියේ ප්‍රවීණ මාධ්‍යවේදිනී නිශානි දිසානායක සමගයි.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.
hiru

