කැකුළු සහල් හිඟය නිසා එළැඹෙන නව වසරේ පළමුවැනිදා ජනතාවට කිරිබත පිළියෙල කර ගැනීමට සිදුවන්නේ නාඩු සහල්වලින් බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවැසීය.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රජයේ නිලධාරීන්ට 2025 සඳහා විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

අද (28) උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ද, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සියයට 10 රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතු ගිණුම්වලින් බැංකු විසින් කපා ගන්නා බව කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (26දා) පිළිගත්තේය.

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 92 කි.

සෙබළ පෙම්වතාගේ කීමට පුත්තලමේ සිට නාවුලට පැමිණි හෙද නිලධාරිනියක හෝටල් කාමරයක් තුළදී සමූහ දූෂණයකට ලක් කළ බවට චෝදනා ලද යුද හමුදා සෙබළකු, ගුවන් හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු නාවුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ld add copy

Connet With Us