හිස තෙල් ගෑමේ නැකත අද

Published in පුවත්
Wednesday, 15 April 2026 08:11

සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත අද (15) පෙරවරු 6.55ට උදාවුණි.

පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

අද (15) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී ‍ආරම්භ වූ හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට එක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට නැකතට අනුව මහා සංඝරත්නය විසින් හිසතෙල් ගා ආශිර්වාද කළේය.

මේ අතර හදිසි රාජකාරි සඳහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් 17 සිකුරාදා පෙරවරු 5.38ට යෙදී තිබේ.

රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරී මිශ්‍ර කිරි බතක් ද හෙළ මෝරු ද උදු මිශ්‍ර කැවිළි වර්ගය ද අනුභව කර උතුරු දිශාව බලා හදිසි රාජකාරි කටයුතු සඳහා පිටත්ව යෑම මැනවී යැයි නැකැත් සීට්ටුවේ සඳහන්ය.

අප්‍රේල් 20 වන සඳුදා දින පෙරවරු 6.27ට යෙදෙන සුබ මොහොතින් රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත යෙදී තිබේ.

ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගය ද අනුභව කර දකුණු දිශාව බලා හෝ එදිනම පෙරවරු 6.50ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ තල මිශ්‍ර කිරි බතක් ද, දී කිරි සහ අග්ගලා සමඟ කැවිලි වර්ගයක් ද අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත්ව යැම මැනවියැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

මේ අතර පැළ සිටුවීමේ නැකත අප්‍රේල් 23 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.01ට යෙදී තිෙේ.

රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැල සිටුවීම මැනවියැයි නැකැත් සීට්ටුවේ සඳහන්ෙේ.‍ෙ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us