මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රීලන්කන් ගුවන් සේවය අද (09) රාත්‍රියේ දී සිදුකරන ගුවන්ගමන් ගැන නිවේදනයක් නිකුත් කර තිබේ.

2026, අයවැය යෝජනාව යටතේ ඉහළ දැමූ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව හෙට (10) සිට බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන තිබේ.

සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය ඔවුන්ගේ දඩුවම් වලට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් පිළිබඳ විභාගය හෙට (10) දින දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් පිහිටවූ නව සමාගම් 06 අද (09) සිට බලාත්මක වේ.

මැද­පෙ­ර­දිග යුද­මය තත්ත්වය හේතු­වෙන් ලිට්‍රෝ ගෑස් හිඟ­යක් ඇති නොවන බව එම සමා­ගමේ සභා­පති චන්න ගුණ­ව­ර්ධන මහතා ‘දින­මිණ’ට ඊයේ (08) පැවැ­සීය.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.

මැදපෙරදිග ඇතිව තිබෙන ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙසත් සංවාදය සඳහා අවකාශය විවෘත කිරීමට නව උත්සාහයන් ඉල්ලා සිටින බවත් 14 වන ලියෝ පාප් වහන්සේ පවසනවා.

අද කාලගුණය

Published in පුවත්
Monday, 09 March 2026 07:11

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ld add copy

Connet With Us