රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා පැය 12ක ජල කප්පාදුවක් අද (06) දිනයේ සිදුකෙරෙන බව ජාතික ජලාපවහන මණ්ඩලය පවසයි.

අද කාලගුණය

Published in පුවත්
Monday, 06 April 2026 07:14

උතුරු, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද (03) පස්වරුවේ සිට ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ බලශක්ති සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මාර්තු මාසයේදී ලෝක ආහාර මිල ගණන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව ඉහළම අගය වාර්තා කර තිබේ.

රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් උපත් පාලන කොපු (කොණ්ඩම්) නිෂ්පාදනයට අවශ්‍ය සිලිකන් ඔයිල් (Silicone Oil) සහ කොණ්ඩම් ඉරීයාම වැළැක්වීමට යොදා ගන්නා ඇන්හයිඩ්‍රස් ඇමෝනියා (Anhydrous Ammonia) යන අමුද්‍රව්‍ය නොමැතිවීමෙන් කොණ්ඩම් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇත.

ld add copy

Connet With Us