මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ යෙදවීම සදහා ද අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යංශය සදහන් කළේය.
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගීන් සඳහා ද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට විශේෂ බස් රථ ධාවනය කිරීමට ද සැලසුම් කර ඇත.
මේ අතර අවුරුදු සමයේ මගීන්ගෙන් වැඩි මුදල් අයකරන බස්රථ වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කර සිටී.

