දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර තත්වය යටතේ මෙරට විදු බල පද්ධතියට විශාල හානියක් අත් පත් වූවත් ඉතා කඩිනමින් විනාශයට පත් විදුලි බල පද්ධතීන් අලුත් වැඩියා කර විදුලි බල සේවා අඛන්ඩව සැපයීමට විදුලි බල මණ්ඩලය සහ ඒ ආශ්‍රිත ආයතනය වල නිලධාරීන් සහ සේවක පිරිස් සමත් වුණා.

රුපියල් 70 ට මිල ඉහළයන බව කියමින් වොයිස්කට් බිල්ලන් මවා පෑවද බිත්තරය රුපියල් 45 සීමාවෙන් අඩුවට පාරිභෝගිකයාට ලබාදෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

සහල් මිලත් ඉහළ දමයි

Published in පුවත්
Thursday, 11 December 2025 08:20

මෙරට සහල් ඉල්ලුමෙන් සියයට පහක් (5%) සපයනු ලබන පොළොන්නරුව, ගල්ලෑල්ල සහල් සැකසුම් කලාපයේ මෝල් සියල්ලම ගංවතුරින් යටවීම හේතුවෙන් සහල් නිෂ්පාදනය නතර වීමෙන් වෙළෙඳපොළේ සහල් කිලෝවක මිල රුපියල් දෙක තුනකින් ඉහළ ගොස් තිබෙන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසුවේය.

ඉහළ ගිය එළවලු මිළ

Published in පුවත්
Thursday, 11 December 2025 08:06

බෝංචි, මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 1,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් අද (10) පරාජයට පත්ව තිබේ.

2012 වසරේ ග්‍රීක බැදුම්කර නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ld add copy

Connet With Us