එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද රැස්වන හදිසි විධායක කමිටු රැස්වීමේදී තීරණය කරන බවය.
"පශ්චාත් සිමාවාසික ස්ථානමාරු ලැයිස්තුව සම්පූර්ණයෙන්ම තමන්ගේ දේශපාලන ප්‍රතිරූප පුම්බා ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා අවභාවිත කරමින් ඉන්නවා. දුෂ්කර ස්ථානමාරු ලැයිස්තුව සම්පූර්ණයෙන්ම විකෘති කරලා, ඒ හරහා මේ රටේ දුෂ්කර රෝහල් 150කට ආසන්න ප්‍රමාණයක් වැසී යෑමේ අවදානමක් තියෙනවා ඉදිරි මාස දෙකක කාලය අතරතුර. මේ ප්‍රශ්නය විසඳන්න කිසිම සුදානමක් ආණ්ඩුවට නෑ. ඒ අතරතුර සෞඛ්‍ය අමාත්‍යවරයා අපි දකිනවා මාධ්‍ය ඉස්සරහට ඇවිත් සම්පුර්ණ වැරදි තොරතුරු, දත්ත සහ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ඉන්නවා හරිම උජාරුවට. ඒකෙන් පෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙලත් එතුමාට තියෙන නොදැනුවත්කම."

