අනීතික ස්ථාන මාරුවීම්වලට විරෝධය පලකරමින් දිවයිනේ සියලු රජයේ රෝහල්වල මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.
මෙම ගැටලුව සම්බන්ධයෙන්ම විරෝධය පල කරමින් පසුගිය අඟහරුවාදා දිනයේ ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැය 24ක සංකේත වැඩවර්ජනයක නිරත වුණි.
කෙසේවෙතත් සිය ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් අද දිනයේ ද සංකේත වැඩවර්ජනයේ නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.
මෙම වැඩවර්ජන කාලසීමාව තුළ හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

