2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

Published in පුවත්
Saturday, 25 April 2026 20:19

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පුරෝකථනය කර තිබේ.

මැද පෙරදිග කලාපයේ පවතින භූ දේශපාලනික අර්බුද සහ ගෝලීය තෙල් වෙළඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි කාලයේ තෙල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපෙක්ෂා කෙරේ.

මහ බැංකුව පෙන්වා දෙන්නේ, ඉන්ධන ආනයන වියදම ශ්‍රී ලංකාවේ සමස්ත ආනයන වියදමේ විශාල කොටසක් වන අතර, පසුගිය වසර 10 තුළ සාමාන්‍යයෙන් මුළු ආනයන වලින් 20%කට ආසන්න ප්‍රමාණයක් ඒ සඳහා වැය වී ඇති බවයි.

කෙසේ වෙතත්, 2025 වසරේදී බොරතෙල් සහ පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන පරිමාව ඉහළ ගියද, සමස්ත වියදම 2024 වසරේ එ.ජ. ඩොලර් බිලියන 4.4 සිට 2025 වසරේදී එ.ජ. ඩොලර් බිලියන 4ක් දක්වා අඩු වී ඇත. මෙයට ප්‍රධාන හේතුව වූයේ බොරතෙල්, පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරු මිල අඩුවීමයි.

එමෙන්ම, ජාත්‍යන්තර වෙළඳපොළේ මිල වෙනස්වීම් අනුව බොරතෙල් බැරලයක සාමාන්‍ය ආනයන මිල 2024 වසරේදී එ.ජ. ඩොලර් 84.7 සිට 2025 වසරේදී එ.ජ. ඩොලර් 73.2 දක්වා පහත වැටී ඇති බවද සඳහන් වේ..

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us