රාජ්‍ය ආයතනවල තාවකාලික, කොන්ත්‍රාත් පදනම මත සිටින සේවකයන් ස්ථීර කිරීමට සැරසේ

Published in පුවත්
Friday, 01 May 2026 13:37

රාජ්‍ය ආයතන සඳහා තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවයට බඳවාගෙන ඇති සේවකයන්ට ස්ථීර පත්වීම් ලබාදීමට අදාළ 11/2026 දරන චක්‍රලේඛය නිකුත්කර තිබේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම චක්‍ර ලේඛය, අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපති මණ්ඩල ප්‍රධානීන් වෙත යොමුකර ඇත.

මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර සිටියේ, මෙම තීරණයත් සමග සේවකයන් 9,800කට ආසන්න පිරිසකට ස්ථීර පත්වීම් ලබාගැනීමට අනුමැතිය හිමිවන බවය.

2026 අයවැය යෝජනා මඟින් ප්‍රකාශිත පරිදි රාජ්‍ය අංශයේ ආයතනවල තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනමින් මේ වනවිට සේවයේ නියුතුව සිටින සේවකයන් සම්බන්ධයෙන් සහ එම අංශවල සහන පදනමින් සේවයේ යෙදී සිට චක්‍රලේඛ විධිවිධාන අනුව ස්ථිර පත්වීම් ලැබී ඇති නමුත්, එම පත්වීම් විධිමත් නොවන සේවකයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය මෙහි දැක්වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us