ආහාර වල මිල වැඩි කරන්නේ නැහැ - ආපනශාලා හිමියන්ගේ සංගමය

Published in පුවත්
Sunday, 03 May 2026 19:32

ඉන්ධන මිල ඉහළ දැමුව ද ආහාර වර්ගවල මිල ගණන් වැඩි නොකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.

කෙසේවෙතත් ගෑස් මිල ඉහළ ගියහොත් ආහාර මිල ගණන් සම්බන්ධයෙන් යළිත් සාකච්ඡා කිරීමට සිදුවන බව ද හෙතෙම අවධාරණය කළේය.

"ඉන්ධන මිල වැඩිවුණේ, රුපියල් 12ත්, 15ත් කියන සුළු මුදලකින්. ඒ නිසා අපිට ආහාර පාන මිල වැඩි කිරීමක් සිදු කරන්න බැහැ. ඇත්තටම මේක අපිට පිරිවැයක් කරගන්න බැහැ. ඒ නිසා ආහාර මිල වැඩි කිරීමක් සිදුවෙන්නේ නැහැ. ආහාර මිල වැඩි කරන්න එපා කියලා ආපනශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි අවස්ථාවලදී මහජනතාවට පීඩා වන අයුරින් වැඩි මිලට ආහාර අලෙවි කරන ආපනශාලා වටලා ඔවුන්ට ලබා දෙන්න ඕන දඬුවම් ලබා දෙන්න කියලා අපි පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීමක් කරනවා. රුපියල් 12ක් වැනි සුළු මුදලකින් ඉන්ධන මිල වැඩි වුණා කියලා ආහාර මිල වැඩි කරන්න බැහැ.

ගියවතාවේ ආහාර මිල වැඩි කරද්දී බිත්තර මිල රුපියල් 42යි. දැන් බිත්තරයක් රුපියල් 26කට විතර අඩු වෙලා තියෙනවා. කුකුල් මස් කිලෝවක් රුපියල් 1450ක තිබුණේ, දැන් 1250ට 1350ට බැහැලා තියෙනවා. මේ නිසා ආහාර මිල වැඩිවීමකට යන්නේ නැහැ කියලා පාරිභෝගික ජනතාවට කියනවා. හැබැයි ගෑස් මිල යම් කිසි ආකාරයකින් ඉහළ ගියොත්, ඒ පිළිබඳව සාකච්ඡාවක් කරලා කෑම මිල වැඩි කරනවා ද අඩු කරනවා ද කියලා තීරණයක් ගන්න වෙනවා."

පසුගිය මාර්තු මස 31 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30කින් ඉහළ දැමීමට පියවර ගැනිණි.

ඒ, අප්‍රේල් මස පළමුවෙනිදා සිට විදුලි බිල ඉහළ යෑම හේතුවෙනි.

මේ අතර ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල ද රුපියල් 5කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගත්තහ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us