වැඩි මිළට සම්බා විකුණු වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂ 2ක දඩයක්

Published in පුවත්
Wednesday, 29 April 2026 10:23

වැඩි මිලට සම්බා සහල් අලෙවි කළ කොළඹ 11 ප්‍රදේශයේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂ 2ක දඩයක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ 11, පස්වන හරස්වීදිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැලක් සම්බන්ධයෙන් මෙම නීතිමය පියවර ගෙන ඇත.

වැටලීමේදී අනාවරණය වූයේ, රුපියල් 240ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති සම්බා සහල් කිලෝග්‍රෑම් 05ක් රුපියල් 1425කට, එනම් කිලෝවක් රුපියල් 285 බැගින් පාරිභෝගිකයන්ට අලෙවි කර ඇති බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (28) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර, අදාළ වෙළෙන්දා මීට පෙරද මෙවැනි වැරදි දෙවරක් සිදු කර ඇති බව අධිකරණයට කරුණු වාර්තා වී තිබේ.

එහිදී වරද පිළිගත් වෙළෙන්දාට රුපියල් 200,000ක දඩ මුදලක් අධිකරණය විසින් නියම කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us