සජිත්ට ඡන්දයක් ලබාදීම යනු අනුරට ඡන්දය ලබාදීම හා සමාන යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ හලාවත දී පවසා තිබේ.

ජනාධිපතිවරණය ළංවෙමින් පවතින අතරේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ කිරීම සඳහා නැවතත් ප්‍රබල වෑයමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අදට (02)යෙදී තිබේ.

ඉන්ධන මිළ පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේද? නැද්ද? යන්න පිළිබඳව අද(02) ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද(02) එළි දැක්වීමට නියමිතව තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පිරිසක් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල මතය නොවේ යැයි එහි ජ්‍යෙෂ්ඨතම නායකයකු වන මාවෙයි සේනාධිරාජා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. 

ld add copy

Connet With Us