විදුලි බිල අඩුවීම එළැඹෙන 16 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු පවසා සිටියි.

ඉදිරි වගා කන්න හයක් තුළ වී අස්වැන්න දෙගුණ කර ගැනීමේ ඉල­ක්කය සපුරා ගත හැකි බව කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ ලේකම් ජානක ධර්ම­කීර්ති  පැව­සීය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත්, ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක ඉදිරියට යන විට මෙම විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ කථා නිර්මාණය කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවත්, මෙය රට ලැබු සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්ම සුබ ආරංචියක් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව අප වාර්තාකරු පැවසීය.

ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථා වෙනස් කිරීමට හා සේවා ගැටලුවලට විසදුම් ලබාදීමට ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පොරොන්දු වූ බව එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාලව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටයේ, සංගණන කටයුතු මේ මස මැද වන විට ආරම්භ කරන බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසයි.

ld add copy

Connet With Us