නවක මන්ත්‍රිවරුන් ලියාපදිංචි කිරීම online ක්‍රමයට

Published in පුවත්
Thursday, 14 November 2024 07:43

මෙවර ද නවක මන්ත්‍රිවරුන් මාර්ගගත ක්‍රමයට පමණක් ලියාපදිංචි කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

මෙලෙස ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කෙරෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නවක මන්ත්‍රිවරුන්ගේ ලේඛනය ගැසට් කරනු ලැබීමෙන් පසුව ය. එම ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව සියලු මන්ත්‍රිවරුන්ට එක් වරක් භාවිත කළ හැකි රහස්‍ය අංකයක් ( OTP ) කෙටි පණිවුඩයක් මගින් පාර්ලිමේන්තුවෙන් යැවෙන අතර මන්ත්‍රිවරු ලියාපදිංචි විය යුතු වන්නේ එම රහස්‍ය අංකය ඇතුළත් කරමිනි.

එලෙස ලියාපදිංචි වන මන්ත්‍රිවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට පෙර දින දෙකේ (19 සහ 20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ තොරතුරු කවුළුවක් විවෘත කෙරේ. ස්ථාවර නියෝග ඇතුළු අණපනත් මෙන්ම පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් දැනුවත් විය හැකි තොරතුරු එම කවුළුවෙන් මන්ත්‍රිවරුන්ට ලබා ගත හැකි වෙයි. පෙරවරු 9.30 සිට සවස 3.30 දක්වා මෙම තොරතුරු කවුළුව විවෘතව පවතී.

එමෙන් ම එම දින දෙකේදී සියලු මන්ත්‍රිවරුන්ගේ ඇඟිලි සලකුණු හා ඡායාරූප ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරේ. ඇඟිලි සලකුණු ලබා ගැනෙන්නේ සභා ගර්භයේ ක්‍රියාත්මත විද්‍යුත් ඡන්ද විමසීමේ ක්‍රියාවලිය වෙනුවෙනි.

මාර්ගගත ක්‍රමයට මන්ත්‍රිවරුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය ආරම්භ කරන ලද්දේ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය 2020 වසරේ සිට ය. එම පද්ධතියම මෙවරත් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කීවේය.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us