ඡන්ද විමසීම ඇරඹේ ! උදැසනම ගොස් සිය ඡන්දය භාවිත කරන්න - මැකෝ කියයි

Published in පුවත්
Thursday, 14 November 2024 07:33

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ විය.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඒ අනුව අද උදෑසන 7 සිට පස්වරු 04 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම පවත්වන බවය. උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියි.

ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සදහා ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතර දෙනෙකු ලියාපදිංචි වී තිබේ.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්ද දායකයින් සහිත දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහ අට ලක්ෂ 81,129 දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහහත් ලක්ෂ 65,351 දෙනෙකි.

අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී ඇති අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂ 6081ක් ද වේ.

මේ අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2034 කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසම පැවසුවේ ඒ අනුව පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බවය.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us