සතොසෙන් තවත් සහන

Published in පුවත්
Wednesday, 22 May 2024 10:11

එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

මුල්කිරිගල ආසනයේ සජබ සංවිධායක නිමල් ෆ්‍රැන්සිස්කෝ නැවතත් එජාප සාමාජිකත්වය ලබා ගත්තේය.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය හෙට (23) එළඹෙන වෙසක් පොහෝ දිනෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවැසූහ.

ලබන මස 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදී වයඹ පළාත් පාසල් එකසිය දහතුනක අත්හිටුවන ලද විදුහල්පති සේවයේ ස්ථාන මාරු ක්‍රියාත්මක කෙරෙන බව එම පළාත් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 9කට පැන වූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද (22) පස්වරුව දක්වා දීර්ඝ කර තිබේ.

ලියාපදිංචි නොකළ දන්සල් අද (22) දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටි.

අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජපානයේ කොබේහි පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී දණහිසෙන් පහළ ආබාධිත (F44) කාණ්ඩයෙන් හෙල්ල විසිකළ සමිත දුලාන් ලෝක වාර්තාවක් සමඟ එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඊයේ සමත් විය.

ld add copy

Connet With Us