වසරකට මිලියන 500ක ආදායමක් ලැබූ ත්‍රිපෝෂ සමාගම ආණ්ඩුව වසයි ! තීරණය වහාම හකුලා ගන්න -ජන අරගල සන්ධානය Featured

Published in පුවත්
Friday, 08 November 2024 08:11

රුපියල් මිලියන 500ක වාර්ෂික ආදායමක් ලබා දෙන ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට ගෙන ඇති තීරණය වහාම හකුලා ගත යුතු බවත් එසේ නොවුණහොත් විශාල ජනතා විරෝධයක් ගොඩනගන බව ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පුබුදු ජයගොඩ පැවැසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්ය.

"අදටත් රටේ අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් පහෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මව්වරු 6,64,920ක් සහ දරුවන් 9,25,172ක් පෝෂණ අවශ්‍යතාවය සපුරගන්නේ ත්‍ර්‍රිපෝෂ හරහා. එතකොට ආසන්න වශයෙන් මාසිකව ලක්ෂ 16කට ත්‍රිපෝෂ ලැබෙනවා. ග්‍රෑම් 750 බර එක පැකට් එකක නිෂ්පාදන වියදම රුපියල් 370ක් විදිහට ගණං බැලුවම රජයට වැය වෙන්නේ රුපියල් බිලියන 9යි. ඒ ප්‍රමාණයෙනුත් බිලියන බාගයක් විතර ත්‍රිපෝෂ සමාගම විසින් වෙළෙඳපොළට ආහාර නිෂ්පාදනය කරලා හොයනවා. එහෙම තියෙද්දි ආණ්ඩුව සූදානම් වෙනවා නම් ත්‍රිපෝෂ සමාගම වහන්න අපි ජන අරගල සන්ධානය විදිහට කියනවා අපි ඒකට ඉඩ තියන්නෙ නෑ. අපි රටේ ජනතාවටත් කියනවා වහාම මේකට විරුද්ධ වෙන්න. ත්‍රිපෝෂ සමාගම ආරක්ෂා කරගන්න මැදිහත් වෙන්න. 1987 මේ සමාගම පෞද්ගලික දුම්කොළ නිෂ්පාදන සමාගමක් සමග ඒකාබද්ධව ආරම්භ කරලා 2011 දි රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරගන්න හේතු වුනණත් අත්‍යාවශ්‍ය මහජන සේවාවක් නිසා. රජයට පවරගන්න කොට සමාගමේ නිෂ්පාදන ධාරිතාව විදිහට තිබුණෙ රටේ සමස්ථ අවශ්‍යතාවයෙන් සියයට 70යි. නමුත් 2016 වෙද්දි අලුත් යන්ත්‍ර සූත්‍ර එක්ක මේ අගය සියයට 100 දක්වා වර්ධනය වුණා. මේ වෙද්දි අවශ්‍යතාවයටත් වඩා වැඩි නිෂ්පාදනයක් වෙනවා. එතකොට ත්‍රිපෝෂ සමාගම රටේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමේ විශාල සේවයක් කරන ගමන් ලොකු ලාභයකුත් රජයට උපයල දෙනවා. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙනම් ඇයි ත්‍රිපෝෂ සමාගම අහෝසි කරන සැලසුමක් ක්‍රියාත්මක වෙන්නෙ? ආණ්ඩුව ඒ ගැන තම ස්ථාවරය පැහැදිලි කළ යුතුයි."

-p.m

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us