මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද (13) රාත්‍රීයේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

අගෝස්තු මස 20 වැනි දින දක්වා මහනුවර මත්පැන් අලෙවි සැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මේ අතර, අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන සෙනසුරාදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පළපුරුද්ද සහ ජාත්‍යන්තර සම්බන්ධතා සහ වැඩපිළිවෙළක් තිබුණ නිසා මේ රට ගොඩගන්නට පුළුවන් වුණේ යැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක හෝමාගමදී මහතා ඊයේ (12) පැවසීය.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට (14) දහවල් 12න් අවසන් කිරීමට නියමිතව තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද (13) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ලබන සිකුරාදා (16) දිනයේ සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ld add copy

Latest News

Connet With Us