පොළොන්නරු දිස්ත්‍රික්කයට වර්ෂාවෙන් සිදුවූ හානියට හේතුව මෛත්‍රී කියයි Featured

Published in පුවත්
Friday, 24 January 2025 17:58

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල අධික වැසි හේතුවෙන් විනාශ වීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ තමන් විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් තමන්ගෙන් පසු බලයට පත්වූ ආණ්ඩු ක්‍රියාත්මක නොකිරිම බවය.

මොරගහකන්ද සහ කළුගඟ ජලාශවලින් එකතුවන ජලය පොළොන්නරු දිස්ත්‍රික්කයේ මිනිපේ ජලාශයට පමණක් ගලා යන බැවින් 2019 වසරේදී තමන් විසින් අනුරාධපුරයට සහ වයඹට මොරගහකන්ද ජලාශයෙන් ජලය කි.මි 15-20 පමණ ඇලමාර්ගයක් ඉදි කරමින් පැවති බවත් 2019 වසරේ සිට 2024 වසර දක්වා වයඹ සහ අනුරාධපුරයට යන ඇලමාර්ග ඉදිකිරීම් එවකට පැවැති ආණ්ඩුවලින් ක්‍රියාත්මක නොකළ බව හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනයේ දැක්වේ.

ඔහු නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ 2019 වසරේ සිට 2024 වසර දක්වා ම වයඹට සහ අනුරාධපුරයට යන විශාල ඇල මාර්ග කපා තිබුණේ නම් පොළොන්නරුවට මෙවැනි ආපදා තත්ත්වයක් ඇති නොවන බවය.

මේ හේතුවෙන් වර්තමාන රජය මේ සම්බන්ධව අවධානය යොමු කර අනුරාධපුරයට සහ වයඹ පළාතට ජලය ගෙන යන ඇලමාර්ග ඉදිකිරීම් ආරම්භ කළහොත් පොළොන්නරුවට මෙවැනි විනාශයක් ඇති නොවන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

දැනට පොළොන්නරුවට යන මොරගහකන්ද හා කළුගඟේ ජලය මහවැලි ගංඟාවට වැටී මහ මුහුදට ගලාබදින බවත් වයඹ පලාතට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ දියුණුව කිරීමට ඇති ජලය මොරගහකන්දෙන් අපතේ නොගොස් කඩිනමින් අනුරාධපුරයට හා වයඹට යන ඇලමාර්ග ඉදිරිකිරීමට කටයුතු කරන ලෙසත් වර්තමාන රජයෙන් ඉල්ලා සිටින බවත් හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us