රටේ ජනතාවට වාහනයක් ගන්න බැරි කළ අය ගැන හෙළිදරව්වක්

Published in පුවත්
Saturday, 25 January 2025 13:12

රටේ ජනතාවට වාහනයක් ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය කර ඇත්තේ ලීසිං ආයතන සහ කෘත්‍රිම තක්සේරුකරණය බව කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත වීරතුංග පවසා සිටියි. 

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කලේ ලීසිං ආයතන විසින් ලක්ෂ 5 කට පමණ තිබූ ත්‍රීරෝද රථයක් කෘත්‍රිම තක්සේරුකරණය (Artificial Valuation) හරහා ලක්ෂ 15 කට පමණ තක්සේරු කර ජනතාවට ණය ලබාදුන් බවයි.

ඒ අනුව වාහන අලුතින් ආනයනය කරන විට ත්‍රීරෝද රථයක් ලක්ෂ 5 ට වෙළඳපොලට පැමිණියහොත් පෙර ලබාදුන් ණය අවධානමකට ලක්වන බැවින් වාහන මිල අඩු නොකරන ලෙස ලීසිං ආයතන රජයට බලකර ඇති බවද ඔහු ප්‍රකාශ කළ අතර කෘත්‍රිම තක්සේරුකරණය (Artificial Valuation) හරහා වාහනවලට විශාල තක්සේරු ලබාදීම හරහා ලීසිං ආයතන කඩා වැටීම වැළැක්වීමට එයට ගැලපෙන ලෙස අලුතින් ආනයනය කරන වාහන සඳහා බදු පැනවීමට රජයට සිදුවූ බවද ඔහු සඳහන් කළේය. 

කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත වීරතුංග වැඩිදුරටත් ප්‍රකාශ කළේ කෘත්‍රිම තක්සේරුකරණය (Artificial Valuation) නොකර සත්‍ය වටිනාමකට තක්සේරුව සිදුකළේ නම් ජනතාවට අඩු මුදලකට වාහනයක් ලබා ගැනීමට හැකියාව ලැබීමට තිබූ බවයි. 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us