ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන තිබෙයි

තමන් අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ බව හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරු පවසයි.

වත්මන් බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

හරීන් ප්‍රනාන්දු මහතා දැරූ සංචාරක, ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය ධුරයත් මනූෂ නානායක්කාර මහතා දැරූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පවරා ගැනීමට නියමිත බව වාර්තා වේ.

මනුෂ නානායක්කාර මහතාගේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වන එම ධූරයට බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කිරීමට පියවර ගෙන ඇතැයි සමග ජන බලවේගයේ මහ ලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස’ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සඳුන් උයනේ දී විවෘත කෙරේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබියදී දේශපාලන හිතවත්කම් මත ඉන්ධන පිරවුම්හල් දෙන බවට මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලක් මත ඊයේ (08 වැනිදා) මැතිවරණ කොමිසම පොලිසිය සමග ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ විමර්ශනයක් කර ඇත.

ඡන්දය භාවිත කිරීමේදී ජාතික හැඳුනුම්පත් නොමැති බවට හඳුනාගෙන ඇති ලක්ෂ එක හමාරක් පමණ වන පිරිසට තාවකාලික හැඳුනුම්පතක් දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදන කරමින් සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ld add copy

Latest News

Connet With Us