රටින්‌ පොල්‌ ගේන්න රජය තීරණයක්‌ ගෙන නැහැ, තවම සලකා බලනවා විතරයි

Published in පුවත්
Wednesday, 22 January 2025 14:22

රටින්‌ පොල්‌ ගෙන එන්නට රජය තීරණයක්‌ ගෙන නැතැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

මිලියන 800 ක පමණ අගයකට හිමිකම්‌ කියන පොල්‌ ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන්‌ මෙරට සිටින බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්‌ අපනයන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන අර්ධ නිමි අමු ද්‍රව්‍ය ලෙස, පොල්‌ කිරි, පොල්‌ මද සහ පොල්තෙල්‌ ලබා ගැනීම සඳහා ඉල්ලීමක්‌ කර තිබෙන බව පැවසීය.

මේ අනුව අපනයනකරුවන්ගේ එම ඉල්ලීම සලකා බැලීමකට ලක්‌ වෙනවා මිස රටින්‌ පොල්‌ ගෙන එන්නට කිසිම තීරණයක්‌ ගෙන නැතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සඳහන්‌ කළේය.

සහල්‌ ප්‍රශ්නය මෙන්ම පොල්‌ ප්‍රශ්නය ඇති වුණේ පෙර පැවති ආණ්ඩු ඵලදායිතාව වැඩිකර ගත්තේ නැති නිසා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත්‌ කීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us