ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකුවන මෙන්ම ලේක්හවුස් සහකාර කළමණාකරුවකුද වන බී.එම්. චන්දන සමන් දිසානායකව 16වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට අැත.

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය දැක්වීමට තීරණය කළේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් නිසා නොවන බව ජාතික සංඝ සම්මේලනය පැවසුවේය.

බුදු දහමට නිගරු වන අයුරින් පුවත්පත්වල සහ සඟරාවල ඡායාරූප පළ කිරීමෙන් වළකින්නැයි කියමින් පසුගියදා මහනුවර නගරයේ ගසකට නැඟ විරෝධතාවයක නිරත වූ පුද්ගලයා මහනුවර - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ පේරාදෙණිය, මහවැලි ගඟ පාලම අසල කුළුණකට නැඟ අද(04) යළිත් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

සංචාරක සේවාවේ සේවයේ නියැලෙමින් විදේශ විනිමය රටේ අර්ථිකයට එකතු කිරීමට සංචාරක හෝටල් සේවකයින් උත්සුකවේ. මේ වනවිට පවතින තත්වය හේතු කොට ගෙන සංචාරක සේවාවේ සේවකයන් මේ වනවිට විශාල ආර්ථික අපහසුතාවයන්ට පත්ව සිටින බව හෝටල් සේවක මධ්‍යස්ථානය පවසයි.

ප්‍රවීණ ලේඛකයෙකු,විචාරකයෙකු,ශාස්ත්‍රීය පර්යේෂකයෙකු මෙන්ම කෘතහස්ත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

වත්මන් ආණ්ඩුව තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොමැති බවත් පවුල් පාලනය ව්‍යාප්ත කිරීම උදෙසා යත්න දරණ රාජපක්ෂ පාලනය කටයුතු කරන බවත් පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන පවසයි.

මේ මොහොතේ වඩා ප්‍රමුඛතම කාරණය වන්නේ ඒකාධිපති පාලකයා පරදවා රට යළි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු කර ගැනීම බැවින් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට අවාසානයේ තීරණය කළ බව ෆොන්සේකා මහතා කියා සිටියේය.

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින් පිරිසක් උපවාසයක් ආරම්භ කර තිබේ.

ld add copy

Connet With Us