සමාජය හා සම්මතය විසින් මිනිසුන්ගේ ස්වාභාවික ලිංගික හැසිරීම් හා ක්‍රියාකාරකම් මැදින් ගසා තිබූ සීමාවන් 1960 කාලය මැද භාගයේදී බටහිර රටවල කෙමෙන් වෙනස් වන්නට වුණා. අදරය, සම්බන්ධකම්, විවාහය, ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමේදී තිබුනු සමාජමය සීමාවන් ප්‍රශ්න කිරීම 1960 දී විශ්වවිද්‍යාල හා තරුණ කණ්ඩායම් අතරින් ආරම්භ වුණා.

පසුගියදා විපක්ෂයට එක වන බව කියමින් විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවකට පැමිණ මහින්ද රාජපක්ෂට සහය පළ කළ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සන්ධාන නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වාව, ඒ සඳහා මෙහෙයවා ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් බව ලංකා ඩේලි වෙබ් අඩවිය වගකීමකින් යුක්තව හෙළිදරව් කරමු.

ජනප්‍රිය කලාකාරිනී සමනලී ෆොන්සේකා ඇතුළු  'අලුත් පරපුර' නියෝජනය කරන තරුණ කලා කරුවන්ට අද(29) මීට සුළු මොහොතකට පෙර නිල් බලකායේ මැරයන් විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබේ. 

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් සිව් දෙනෙකු ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කර අැත.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ළමා අපයෝජන, ස්ත‍්‍රී දූෂණ කල පුද්ගලයින්ට, පුරාවිද්‍යාත්මක උරුමයන්ට පවා හානි කළ පුද්ගලයින්ට නිසි අකාරයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවුන බව ජාතික විද්වත් මණ්ඩලයේ ලේකම් සුජිත් අක්කරවත්ත මහතා ඊයේ (28) සෝලිස් හෝටලයේදී පැවති ‘‘හංසාගමනය’’ වැඩසටහන පිළිබඳ මාධ්‍යට අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේය.

පාඨලී චම්පික රණවක මහතා මහින්ද රාජපක‍ෂ ජනාධිපතිතුමා වෙත යවන ලද ප්‍රධාන ලිපි 13 ක් පළමු වතාවට මාධ්‍යයට ලබාදීමට තීරණය කර ඇත. පෞද්ගලික හෝ ප්‍රසිද්ධ මාධ්‍යයක් තුළ කිසිඳු අවස්ථාවකදී පල නොවූ මෙම ලිපි 13 හි මුඛ්‍ය අරමුණු වී ඇත්තේ රටේ උන්නතිය උදෙසා ඒ ඒ අවස්ථාවන්වලදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම බව පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටි.

ජනාධිපතිවරණය නිරීක්‍ෂණය සදහා පැෆරල් සංවිධානයේ ආරාධනයෙන් ජාත්‍යන්තර නියෝජිතයන් 36 දෙනෙකු ශී‍්‍ර ලංකාවට පැමිණ අැත. ඔවුන් සියලූ දෙනා ආසියානු මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ සාමාජිකයෝ වෙති. 

 

ld add copy

ක්‍රීඩා

Connet With Us