අද උදැසන හලාවත නගරයේ පැවැත්වෙමින් තිබු වීදියේ විරෝධය වැඩසටහනට හලාවත පොලීසියේ විරෝධය එල්ල වී තිබේ සමූහ ගායනා හා මහජනයා සමඟ අදහස් හුවමාරු කර ගැනීම හ පත්‍රිකා බේදීම ආදී වැඩ සටහන් කිහිපයක් මෙහිදී පැවැත්වෙමින් තිබියදී පොලීසිය පැමිණ 'මෙගා ෆෝන් "පාවිච්චිය නතර කල යුතු බව දන්වා තිබේ. එම නියෝගය අනුව පසුව එම වැඩ සටහන කරගෙන යන අතරතුර පැමිණ පත්තර අලෙවි කිරීම හා පත්‍රිකා බේදීමද නතර කළ යුතු බව දන්වා ඇති අතර ජනයා නොගැවසෙන ප්‍රදෙශයකට ගොස් ගීත ගැයීම පමනක් සිදු කිරීමට පොලීසිය අවසර දි තිබේ.

එ.ජ.නි.ස. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ආර්.ජී. සමරනායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නැකැත් කරු ලෙස ක්‍රියා කරන සුමනදාස අබේගුණවර්ධන මහතා හදිසි හෘදයාබාධයකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකා කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (02)පෙන්වා දී ඇත්තේ සියළු ශ‍්‍රී ලාංකිකයින්ට ප‍්‍රචණ්ඩත්වයෙන් සහ බියෙන් තොරව ජනාධිපතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බවය.

නිල ඡන්ද පත්‍රිකාවට සමාන ඡන්ද පත්‍රිකා තොගයක් බලංගොඩ ප්‍රදේශයේදී මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවකු විසින් ප්‍රවාහනය කරන අතරතුර අත්අඩංගුවට ගෙන තිබේ.

ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරය හෙවත් පෝට් සිටි ව්‍යාපෘතිය අද සහ හෙට යන දිනවලදී ජනතාවට නැරඹීමේ අවස්ථාව ලබාදීමට රජය කටයුතු යොදා ඇත.

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ සටනේ අවසන් පැය 48 මෙහෙයුම ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා භාර ගෙන ඇතැයි රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානියකු මිට දින කිහිපයකට උඩදී සිය හිතවතුන් සමඟ පවසා ඇත.

විවෘත විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග‍්‍රහයට මේ වන විට දින 18ක් සම්පූර්ණ වී ඇත.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us