ඔහු පැහැදිලිවම ප්‍රකාශ කළේ සන්ධානය ආසන 105ක් පමණ ලබා ගෙන ආණ්ඩුව පිහිටුවන බවය. ඔහුට අනුව එජාපය ට ආසන 95 කි පමණ සැහිමකට පත්වන්නට සිදුවේ.
සන්ධානයේ ආණ්ඩුව පිහිටුවූවත් අගමැතිධුරය මහිද රාජපක්ෂට නොලැබෙන බව මේවන විටත් ස්ථිර බැවින් දෙවන පෙළ නායකයකුට අගමැතිධුරය ලැබෙන බවත් ඔහුගේ කතාවෙන් පැහැදිලි විය. එමෙන්ම ඔහු මතු කළ වැදගත්ම කාරණය වුයේ එජාපයේ රනිල් වික්‍රමසිංහට තවදුරටත් නායකත්වයේ සිටීමට නොහැකිවන බවත් එහි දෙවන පෙළේ නායකත්වයක් මතු පිටට එන බවය. මේ කියන්නේ කිලි මහරාජාගේ ප්‍රාර්තනය වන සජිත් ප්‍රේමදාස ගැනය. එසේම මෙය ජනධිපතිවරයාගේ කැමැත්ත බවද අභයගුණවර්ධන මහතා විසින් වක්‍රව පවසන ලදී. ඉහතකී පුවතින් මෙම කුමන්ත්‍රණය අප විසින් හෙළිකරණු ලැබීය.
එමෙන්ම මෙහිදී ඔහු අවධාරණය කළ කරුණක් නම් නිශ්චිතව පක්ෂ දේශපාලනය නොයෙදෙන පාවෙන ඡන්ද ලෙස ගනන් ගැන්නේ සියයට 25 ක පමණ වන කණ්ඩායම ඡන්ද පොළට නොයා යුතු බවය. නැත්නම් ඒ කටුගා දැමිය යුතු බවය. ඔහු එසේ නිශ්චිතවම පවසන්නේ මෙම කණ්ඩායම ඡන්දය ප්‍රකාශයට පත් කළ හොත් එජාපය ජයග්‍රහණය කරන බව සක්සුදක් සේ දන්නා නිසාය.
සැබැඳි පුවත : රනිල් පැන්නීමේ වගකීම කිලී, ශිරාල්, ගෝඨා බාරගනී. ජනාධිපති කාර්යාලය තුල කුමන්ත්‍රණයක්