රනිල් පැන්නීමේ වගකීම කිලී, ශිරාල්, ගෝඨා බාරගනී. ජනාධිපති කාර්යාලය තුල කුමන්ත්‍රණයක්

Published in පුවත්
Tuesday, 11 August 2015 14:16

එක්සත් ජාතික පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ලබා නොදී සන්ධානයට එක් ආසනයක් හෝ වැඩිපුර ලබා ගෙන ආණ්ඩුවක් පිහි‍ටුවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහව ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ජනාධිපති කාර්යාලයේ සිටම ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. මෙහි මූලික වගකීම භාර ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ, කිලි මහරාජා හා ශිරාල් ලක්තිලක බව පැවැසේ.

මෙම කුමන්ත්‍රණකාරීන්ගේ පාර්ශ්වය වෙනම කවයක් ලෙස කටයුතු කරන අතර එම පිරිසට ගොඨාභය රාජපක්ෂ, ශිරාල් ලක්තිලක, කිලී මහරාජා, දයාන් ජයතිලක, අතුරලියේ රතන හිමි,මලිත් ජයතිලක, අශෝක අභයගුණවර්ධන, ටිරාන් අලස් හා සජිත් ප්‍රෙමදාස සම්බන්ධව සිටින බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ ජාතික පුවත්පත් කිහිපයක ජනාධිපතිවරයාගේ රුව ඇතුලත් දැන්වීම් පළකර ඇත්තේ එම කණ්ඩායම විසින් බවද දැන ගැනිමට තිබෙන අතර ඉදිරි දින කිහිපය තුලදී ජනාධිපතිවරයාව සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් යොදා ගැනීමටද නියමිතය. මහින්ද රාජපක්ෂ මහතා තමන් ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිගන්නා බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමටද නියමිතය. එම ප්‍රකාශයෙන් අනතුරුව අතුරලියේ රතන හිමිගේ සහය සන්ධානයට බව එ හිමි ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරති.

එමෙන්ම සන්ධනයේ මැතිවර ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මහින්ද රාජපක්ෂගේ රුව වෙනුවට ජනාධිපතිවරයාගේ රුව යොදා ගැනීමටද තීරණය වී ඇත. රාජපක්ෂ මහතා ජනතාව අතර දිනෙන් දිනම අපකීර්තියට පත් වීමත් නිසා මෙම තින්දුව ගෙන ඇත.

Last modified on Tuesday, 11 August 2015 14:17

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us