2020 දී ISIS ප්‍රහාරයක්: රාජපක්ෂට දෙන්ඩෝ..

Published in පුවත්
Tuesday, 11 August 2015 15:43

ISIS ත්‍රස්තවාදී සංවිධානය විසින් ඉදිරි වසර පහක කාලය ඇතුලත ලෝක වපසරියෙන් විශාල කොටසක් අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති බව දැක්වෙන සිතියමක් BBC ලෝක සේවයේ වාර්තාකරුවෙකු වන Andrew Hosken විසින් හෙළිදරව් කර තිබෙන බව දැක්වෙන වර්තා කිහිපයක් සිංහල වෙබ් අඩවි කිහිපයක දැක්වේ.


මෙම සිතියමට අනුව ISIS ත්‍රස්තවාදීන් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන අති විශාල බිම්කොටසට දක්ෂිණ යුරෝපය ද අප්‍රිකාවේ විශාල කොටසක් ද මධ්‍යම හා දකුණු ආසියාව ද ඇතුලත් වේ. එම සිතියමට අනුව ඉදිරි වසර පහ තුලදී අයත් කරගන්නා රටක් ලෙස ලංකාවද ලකුණු කොට තිබේ.


කෙසේ නමුත් මේ සමඟ වන සිතියම අලුත් දෙයක් නොවේ. මීට වසර ගනනවකට පෙර සිටම මෙවැනි සිතියම් කිහිපයක්ම විවිධ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන විසින් මාධ්‍යට නිකුත් කර ඇත. එහෙත් මේවන තුරුත් මැදපෙරදිග රටවල ප්‍රදේශ කිහිපයක කාලයක් තිස්සේ කෙරුණු දිග්ගැසුණු ප්‍රහාරයන් හැර ,ස්ථිරව බලය පිහි‍ටුවාගත් ගත් නගරයක් හෝ ඇත්තේ නැත. ඊටත් වඩා අත්පත් කරගෙන ඇත්තේ දරුණු පරාජයන් පමණි. එයද තමන්ගේම ජාතිය ආගම අදහන වර්ගයාට එරෙහිව කළ සටන් වලදීය. මේ අන්තවාදීන්ට ලබා ගත හැකි ජයග්‍රහණයක් නැත. ඒ අනුව 2020 දී මේ කියන සිහින සැබෑ කර ගැනිම හීනයක්ම පමණකි.

මුස්ලිම් වරු ලෝක පරිමාණයෙන් ව්‍යාප්ත වීමයි, මෙම අන්තවාදී අධිපත්‍යය පිහි‍ටුවීමයි කාරනා දෙකකි. ලෝක පරිමාණයෙන්ම ගත්තද මුස්ලිම් සමාජයේ සාතිශය බහුතරය මේ අන්තවාදය පිළිගන්නේ නැත.

එම නිසා මේ සිතියම් දැක කලබල වෙන්නට දෙයක්ද නැත. මේ මොහොතේ  අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් 2020 දී මේ රට අල්ල ගැනීමට සුදානම් වෙනවා කියමින් සිංහල බෞද්ධ වර්ගවාදයට පක්ෂ පාත කොටස් හා ඒ මතය වෙනුවෙන් පෙනී සිටින රාජපක්ෂවාදී මාධ්‍යන් උත්සහ කරන්නේ 'ඔන්න 2020 වෙන කොට මුස්ලිම් ප්‍රහාරයක් එනවා. රට අනතුරේ...! මහින්ද රජපක්ෂට රට බාර දෙන්ඩෝ..'කියමින් මොර ගෑමට වඩා දෙයක් නොවේ.

ISISs-New-Map

Last modified on Tuesday, 11 August 2015 15:44

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us