ඒ අතර රට බංකොලොත් තත්වයට ඇද වැටීමට සෘජුවම බලපෑවේ 2019 න් පසු ගත් අතිශය වැරදි සහගත තීරණයන්ය.
කොහොම නමුත් වළකට වැටීමත් මොළයට ලාබයක් කියන්නා සේ මේ බංකොළොත් භාවය මතින් යළි රට ගොඩනැඟීම වෙනුවෙන් අලුතෙන් හිතන්නට විශාල ඉඩක් විවෘත්ත වුණා.
මේ අනුව රට යළි ගොඩනැගුමට නම්,පැරණි වැරදි පිළිවෙත් මුළුමනිම වෙනස් කළ යුතු වුණා. විටින් විට දමන පැලැස්තර විසඳුම්, ජනප‍්‍රිය විසඳුම්, කෙටිකාලීන තාවකාලික විසඳුම්, මැතිවරණ වේදිකා මත කරන කයිවාරු වලට තවදුරටත් රටේ අර්බුද විසඳාගැනීමට කිසිවක් කිරීමේ හැකියාව තිබුණේ නැහැ. එතැනින් වෙනස්ව ජනාධිපති රනිල් රට ගොඩනැඟුම යළි පටන් ගත්තේ සමස්ථ ක‍්‍රම පද්ධතියම වෙනස් කරන පුළුල් හා දුෂ්කර සැලසුමක් අනුවයි.
කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීම
ආර්ථික පදනම නැවත ගොඩනැංවීමේදි පුරවැසියා ඊට ශක්තිමත්ව සුදානම් කිරීම විය යුතුයි. 2022 ජූලි මාසයේදී ආරම්භ වූ රනිල් පාලනය සැනින් ක‍්‍රියාත්මක වූයේ ඒ වෙනුවෙන්. අස්වැසුම සමාජ ආරක්ෂණයට වැඩපිළිවෙල හා තවත් ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබුවා.
රාජ්‍ය බදු ආදායම් අහිමි කරගැනීම, විදේශ විනිමය අහිමි වීම, ණය ගෙවා ගැනීම හෝ ණය ගැනීමේ හැකියාව නොමැතිව රට බංකොලොත් බව ප‍්‍රකාශයට පත්කිරීම ආදීය නිසා මුහුණ දෙන්නට වූ අර්බුද විසඳා ගැනීමට, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සිදු කළා. ඒ අනුව මුල්‍ය අරමුදලේ නිර්දේශ මත ප‍්‍රතිසංස්කරණ ගනනාවක් ක‍්‍රියාත්මක කිරීමට සිදු වුණා.
රජයේ වියදම් සඳහා හැකියාව තහවුරු කරගැනිම, රාජ්‍ය මුල්‍ය ආයතනික ප‍්‍රතිසංස්කරණ සහ පිරිවැය ආපසු අයකරගැනීම පදනම් කරගත් බලශක්ති මිළකරණයෙන් සමන්විත අපේක්ෂා සහිත රාජ්‍ය මුල්‍ය එකාග‍්‍රතාවයක්, ණය ප‍්‍රතිව්‍යුහගතකරණය මඟින් රජයේ මෙහෙයුම් කටයුතු ස්ථාවරකර ගැනීමට අවශ්‍ය මුල්‍යමය කටයුතු ඇතුලූ රජයේ ණය ගෙවීමේ හැකියා සකසා ගැනීම, උද්ධමන පීඩාව සමනය කරගැනීම සඳහා ආයෝජන වර්ධන පරිසරයක් ගොඩනඟා ගැනීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා හැකියාව ගොඩනගාගැනීම, නම්‍යශීලී විනිමය අනුපාතයක් හඳුන්වා දී මිල ස්ථායිතාවය පිහිටුවීම සහ යළි මුල්‍ය සංචිත ගොඩනගා ගැනීමට බහු පාර්ශ්වීය උපාය මාර්ග සකසා ගැනීම, ආර්ථික වර්ධනය තහවුරු කිරීම වෙනුවෙන්, රජයේ මුල්‍ය අංශ්‍යයේ ස්ථායිතාවය වෙනුවෙන් ප‍්‍රතිපත්ති හඳුන්වා දීම, රාජ්‍ය යාන්ත‍්‍රණයේ දුෂණය පිටුදැකීම සඳහා ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ සිදු කිරීම ආදිය සිදුකිරීමේ පියවර ගත්තා.
රට මාස කිහිපයක් තුළ දෙපයින් සිට ගන්න තැනට ශක්තිමක් කිරීමටත් මුල්‍ය අරමුදලේ නිර්දේශ සියල්ල වසර දෙකකට අඩු කාලයක දී සම්පූර්ණ කිරීමට ජනාධිපති රනිල්ට හැකි වූයේ ඒ අනුවයි. එය ලොවක් මවිත කළ වික‍්‍රමයක් වුණා.
ආර්ථික වර්ධනය, ජාතික ආදායම, දළ දේශීය නිශ්පාදනය, උද්ධමනය, විරැකියාව, විදේශ සමඟ ගනුදෙනු ආදිය ඉලක්ක කරගත් සාර්ව ආර්ථික ක‍්‍රියාකාරිත්වය නව දැක්මකින් යුතුව සකස් කිරීමට පියවර ගත්තා. ඒ අනුව රාජ්‍ය සේවය ප‍්‍රතිසංස්කරණය කිරීම, රාජ්‍ය වියදම් සහ ආදායම් පාලනය උපාය මාර්ග සකස් කළා.
මේ කාලය තුළ රටේ පැවැති නීති රීති රැසක් වෙනස් කරමින් සහ නව නීති හඳුන්වා දෙමින් අණ පනත් 100 කට වඩා ප්‍රමාණයක් පනවන ලද අතර ඒ අතරින් ආර්ථිකය ඉලක්ක කරගත් නව පනත් පැනවීම් හා පැවැති පනත් සංශෝධනය 45 කට ආසන්න ප‍්‍රමාණයක් සිදු කළා.
ඒ අතර වැදගත්ම පනත් කිහිපයක් වෙනවා. මෙතෙක් පැවැති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීති වල අඩුපාඩු සකසා 'රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත' හඳුන්වා දුන්නා. ඒ සමගම අතිශය වැදගත් නීතියක් වන 'රාජ්‍ය ණය කළමණාකරණ පනත' ද ඉදිරිපත් කළා. මෙමගින් රජයේ ආදායම් සහ වියදම් වඩාත් විනිවිදභාවයෙන් යුතුව කළමණාකරණ කිරීමට හැකිව තිබේ.
මේ අතර ‘රාජ්‍ය වත්කම් කළමණාකරණය කිරීමේ පනත‘ විශේෂීයවේ. එය ජාතික වත්කම් ලේඛනයක් පිළියෙල කිරීමට සහ රාජ්‍ය වත්කම් සම්බන්ධ මධ්‍යගත දත්ත පද්ධතියක් හඳුන්වා දීමටත් හැකි වන පනතක්.
මෙරට සංවර්ධනය කිරීම සඳහා වන ආර්ථික ඉලක්කයන්, රටේ නීතියක් බවට පත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ වෙනුවෙන් වන ආර්ථික පිළිබඳ ජාතික ප‍්‍රතිපත්ති මාලාව ද 'ආර්ථික පරිවර්තන පනත' මඟින් පනවා ඇත. ඉදිරි වසර 5 තුල මෙරට ආර්ථිකය මෙම පනතේ ඉලක්ක සපුරා ගැනීම සමඟ බැඳී ඇත.
නව ‘ශ‍්‍රී ලංකා මහ බැංකු පනත‘ ගෙන එමින් මහ බැංකුව රාජ්‍ය මුලශ ප්‍රතිපත්තිය සමඟ වන ගැටීම වැලැක්වීම නැතිනම් තේරෙන බාසාවෙන් කියනවා නම් ආණ්ඩුවේ දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව මහ බැංකුවට ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව තහවුරු කිරීම අතිශය වැදගත්. ඒ අනුව රටේ උද්ධමනය පාලනය කිරීමේ සම්පූර්ණ වගකීම මහ බැංකුව වෙත පවරා තිබෙනවා.
මේ අතර රජයේ අවශ්‍යතාවයන් අනුව හිතුමනාපයේ මුදල් මුද්‍රණය කිරීම, ණය ගැනීම තහනම් කරන ලදී. රජයේ ණය ගැනීම් සඳහා උපරිම සීමාවක් පැනවීමද කළා.
රාජ්‍ය අංශයේ දූෂණය පිටු දකින නීතිමය ආවරණයක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ නිර්ණායක අනුව පදනම් වෙමින් ‘දූෂණ විරෝධි පනත’ ගෙන ආවා, ඒක ලොව පවතින බලගතුම දුෂණ විරෝධී නීතිමය ප‍්‍රතිපාදනයක්.
විදේශ විනිමය අනුපාතයන් විවෘත වෙළඳ පොළ අනුව තීරණ වීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගත්තා. මේ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර වීම සිදු වේ.
ඒ අතරම සියයට 70 ක් තරම් ඉහළ ගිය උද්ධමනය සියයට 1 ක ආසන්න අගයකට ගෙන එමින් තවදුරටත් භාණ්ඩ හා සේවා මිළ ඉහළ යෑම පාලනය කළා.
පොලී අනුපාතයන් පහත හෙළීම සිදුකර මෙරට ව්‍යාපාරික කෂේත‍්‍රයට නැවත ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමේ පහසුකම් සලසා දීම සිදුවුණා.
කඩා වැටී තිබු ඩොලර් ආදායම් ලැබෙන මාර්ගක් වන සංචාරක කර්මාන්තය වේගයෙන් වර්ධනය කිරීමට සමත් වූ අතර අපනයනය ආදායම් සහ විදේශ පේරෂණ ක‍්‍රමයෙන් වැඩි වීම සිදු වුණා. මේ අනුව මෙරට ඩොලර් සංචිත ඉහළ ගිය අතර විදේශ ගනු දෙනු අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් හිඟයක් දැන් නැත.
පසුගිය කාලයේ ආර්ථික අර්බුද හේතුවෙන් වාහන ආනයනයද ඇතුළුව පැනවූ ආනයන සීමා සියල්ලම පාහේ ඉවත් කිරීමේ පියවර මේ වන විට සිදු කර තිබෙනවා.
මේ අතර දේශීය සහ විදේශීය ණය ප‍්‍රතිව්‍යුගතකරණය සාර්ථක කර ගැනීම නිසා. යළි ණය ගෙවීමේ හැකියාව සහිත රටක් බවටත් යළි ණය ලාබා ගැනීමට හැකි විශ්වසනීය ආර්ථිකයක් ඇති රටක් බවටත් පත් වුණා. එනම් බංකොළොත් භාවයෙන් මිදීම සිදුව තිබෙනවා.
මෙවැනි පියවරයන් රැසක් අනුගමනය කරමින් රාජ්‍ය අදායම් වැඩි කර ගැනීමත් වියදම් ආදායමට වඩා අඩු කර ගැනීමටත් සමත්ව තිබෙනවා. එසේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟ වූ වැඩ පිළිවෙලෙහි ඉලක්ක බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් සහ ඒ ඉලක්ක ඉක්මවා යෑමට පුළුවන් වෙලා තියෙනවා. ඒ අනුව ආර්ථික වර්ධන වේගයත් ඉලක්ක අභිබවා ගිහින්.
දේශිය සහ විදේශීය ආයෝජන ප‍්‍රවර්ධනය සඳහා පියවර ගනනාවක් ගෙන ඇති අතර ආයෝජනයන සඳහා නෛතිකම වශයෙන් වන බාධාවන් ඉවත් කිරීමට පියවර ගත්තා.
තොරතුරු තාක්ෂණය, සූර්ය සහ සුළං විදුලි බලාගාර, ඉන්ධන පිරවීම, ඛනිජ සැකසුම යනාදී ක්ෂේත‍්‍ර වල ආයෝජන ගනනාවක් මේ වන විටත් ලැබී තිබෙනවා. එමෙන්ම නැවැතී තිබු ජපානය ඇතුළු මෙරටට ආධාර කරන රටවල් කණ්ඩායමේ ව්‍යපෘති යළි ආරම්භ කිරීමත් සිදුවෙනවා. ඒ අනුව කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ වීම විශේෂිතය. එමෙන්ම කොළඹ වරාය නගරය සඳහාද විදේස් ආයෝජන රැසක් ලබා ගැනීමට හැකි ව තිබෙනවා.
අපනයනය ඉලක්ක කරගත් නිශ්පාදන ආර්ථිකය දියුණු කිරීම රට සංවර්ධනය කිරීමේ ප්‍රධානතම ක්‍රියා මාර්ගය ලෙස වත්මන් රජය හඳුනාගෙන තිබෙනවා.
මේ වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරණය. කෘෂි නවීකරණය සහ ආනයන භාණ්ඩ නිශ්පාදනය ඉලක්ක කළ විදේශ ආයෝජන දියුණු කිරීමට ක‍්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන අතර රාජ්‍යයන් ගනනාවක් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළැඹීම හරහා අපනයන වර්ධනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා. මේ අතර ඉහළ මට්ටමේ ආර්ථික නිදහස්කරණයක් සාක්ෂාත් කර ගැනීම සඳහා වන අරමුණ ඇතිව ශ‍්‍රී ලංකාව බහු පාර්ශ්වීය ගිවිසුම් ගනනාවකට ඇතුළත් වීමට පියවර ගත්තා.
ඉන්දියාව ප‍්‍රමුඛව කලාපීය සහසම්බන්ධතා සහිත ආර්ථිකය සහයෝගිත්වය වර්ධනය කිරීමේ හවුල්කාරිත්ව ගිවිසුම අත්සන් කිරීම ද වැදගත්ම පියවරක්.
මේ ආදී වශයෙන් ආර්ථික ක්ෂේත‍්‍රයේ ගත් ක‍්‍රියාමාර්ග නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පුරෝකතන ද අභිබවා ජයග‍්‍රහණ රැසක් අත්පත් කරගැනීමට මේ ගෙවුණු වසර දෙක තුළදී හැකි වුණා. ජනාධිපති රනිල් මේ වන විට සාර්ථකව ක‍්‍රියාත්මක කරණ ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරි වසර 5 තුළවත් ක‍්‍රියාත්මක වීම මෙරට ඉක්මනින් යථා තත්වයට පත් වීම සහ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඇති එකම වැඩ පිළිවෙල වේ.
රජය විසින් ව්‍යාපාර නොකළ යුතු බවට වන නව රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව පෞද්ගලික අංශය වෙත ආර්ථික වර්ධනයේ වැඩිම බරක් තැබීම සිදු කරයි. රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිව්‍යුහගතකරන ක‍්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.
රාජ්‍ය අංශයේ කටයුතු කාර්යක්ෂම සහ නිවැරදි කිරීම වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණික යාන්ත‍්‍රණයක් යොදාගැනීමට වැඩි අවදානයක් යොමුකර ඇති අතර කෘත‍්‍රිම බුද්ධිය භාවිතය රට තුළ ප‍්‍රවර්ධනය කිරීමට පියවරයන් රැසක්ද දියත් කර තිබෙනවා.
අධ්‍යාපන ක්ෂේතරය නව ලෝකයට ගැලපෙන හා ඉදිරි දශකයට ගැලපෙන ලෙස ලෙස ප‍්‍රතිසංස්කරණය කිරීමට පියවර ගනු ලැබුවා. අදාළ සියලූ පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් නව ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට අදාල කටයුතු ආරම්භ කළා.
විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණයට අවශ්‍ය පියවර ගන්නා අතර රජයට අයත් නොවන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට රජයෙන් ණය සහන ලබාදීමට තීරණය කළේය
ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වීමද සිදු වෙනු ඇත.
2015 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරනු ලැබ ඇති බස්නාහිර ප‍්‍රදේශ මහානගර ප‍්‍රධාන සැලැස්ම ඉදිරියට ගෙනමින් ඒ ක‍්‍රියාත්මක කිරීම සඳහා ‘ බස්නාහිර පළාතම එක් මහානගරයක් ලෙස ගොඩනැගීමට සැලසුම් කර තිබෙනවා. ඒ අතර ග්‍රාමීය සංවර්ධන කටයුත් වේගවත් කර තිබෙනවා.
ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරමින්, ‘උරුමය’ වැඩසටහන මඟින් රජයේ ඉඩම් භුක්ති විඳිමින සිටි ජනතාවට එම ඉඩම් වල සින්නක්කර අයිතිය ලබාදීම සිදු කළා. එමගින් පවුල් ලක්ෂ 22 කට තමන්ගේම ඉඩමක උරුමය හිමිවුණා. එය ජනතාවගේ වත්කම් ඉහළ දැමීමක් මෙන්ම රටේ ආර්ථිකයටත් සවියක් වෙනවාට සැක නැහැ.
‘රන්දොර’ වැඩසටහන මඟින් රජයේ නාගරික මහල් නිවාසවල මාසික ගෙවීමේ පදනමෙන් ජීවත් වුණු පවුල් 50,000 කට එම නිවාස අයිතිය හිමිකර දීම සිදු කළා. එහෙමන් රජයේ තවත් නිවාස ව්‍යාපෘති ගනනාවක්ද මේ වන විටත් ආරම්භ කර තිබෙන අතර මෙරට සෑම පුරවැසියකුම ඉඩමක නිවාසයක උරුමකරුවක් විය යුතු බව ජනාධිපතිවරයාගේ අදහසයි.
මේ අතර රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ශක්තිමත් කිරීමේ පියවරයන් ගනනාවක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.
සෑම පුරවැසියෙකුටම ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ දේශපාලන යන ක්ෂේත‍්‍රයන් තුළ සම අවස්ථා ඇති කිරීම, අනන්‍යතාව සුරක්ෂිත කිරීම, විවිධත්වය ගෞරවයට සහ ඇගයීමට පාත‍්‍ර කරනු ලබන සමාජයක් ඇති කිරීම සහ සියලූම ප‍්‍රජාවන්ට සමගියෙන් සහ සහයෝගිතාවයෙන් එක්ව ජීවත් විය හැකි සමාජයක් බිහි කිරීම අරමුණු කර ගෙන ගැටළු රාශියක් සඳහා විසඳුම් ක‍්‍රියාත්මක කිරීමට මේ ගෙවුණු කාලය තුළ ජනාධිපතිවරයා මැදිහත් වුණා.
අන්තරායක ඖෂධවලට ඇබ්බැහි වූවන්, පෙර සටන්කරුවන්, ප‍්‍රචණ්ඩකාරී, අන්තගාමී කණ්ඩායම් වල සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීමට ‘පුනරුත්ථාපන කාර්යංශය පනත‘ සම්මත කළා.
එපොලිසිය දියත් කර තිබෙන යුක්තිය මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක‍්‍රියාකාරකම් අතිශය සීමා කිරීමටද සමත් වෙලා තියෙනවා.
එමෙන්ම තවත් වැදගත්ව දෙයක් වූ මෙරට විදේශ ප්‍රතිපත්තිය ගෝලීය භූ දේශපාලන ගැටුමට මැදි නොවී නොබැඳි පිලිවෙතක සිට සහ කලාපීය වශයෙන් බලපෑම් සහගත රාජ්‍යයක් වශයෙන් රට ගොඩනැගුමට අවශ්‍ය ජාත්‍යන්තර නිර්ණායකයන් සපුරා ගැනීමේ අරමුණු ඇතිව ශක්තිමත් කළා. මේ අනුව විශේෂයෙන්ම දකුනු සහ අග්නිදිග ආසියානු කළාපීය ආර්ථික වර්ධනය සමඟ කලාපයට අත්පත් කර ගත හැකි ගෝලිය දේශපාලනික හා ආර්ථික බලයේ හවුල්කාරිත්වය අත්පත්කර ගැනීම හරහා රටට ප‍්‍රතිලාබ උපදවන මාර්ගයකට අවතීරණය වීමට අව්‍යශ විදේශ ප‍්‍රතිපත්තියක් 2030 වසර දක්වා කාලය තෙක් නිර්මාණය වෙනවා.
ත‍්‍රස්තවාදයේ සහ ප‍්‍රචණ්ඩ අන්තවාදයේ නව මානයන් සම්බන්ධයෙන් විධිවිධාන හඳුන්වා දීමට දැනට පවතින ත‍්‍රස්ත විරෝධී නීතිවල දුර්වලතා මගහරවා ගැනීමටත්, එවැනි ක‍්‍රියාවලට මුහුණ දීමටත්, නීතිය බලාත්මක කිරීමටත්, විමර්ශන හා අධීක්ෂණ මෙවලම් තවදුරටත් ශක්තිමත් කිරීමටත් පුළුල් ජාතික ආරක්ෂක නීති පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ අන්තර්ජාතික ප‍්‍රමිතීන්, නිර්දේශ සැලකිල්ලට ගනිමින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පරිපූර්ණ නීති පද්ධතියක් සඳහා අවශ්‍ය කටයුතු සිදු කළා.. නව ත‍්‍රස්ත විරෝධි පනතක් හඳුන්වා දීම ද සිදුකළා.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ දෙවසරක් මුළුල්ලේ සිදුකරමින් සිටින දැවැන්ත කාර්යභාරය කුමක්ද යන්න සංශිප්ත සටහනකින් සඳහන් කිරීම පහසු නැහැ.
තවත් ලෙසකින් කිවහොත් නිදහසෙන් පසුව මෙරට රාජ්‍ය නායකයකු රට වෙනුවෙන් සිය ධුරකාලය තුළ ගත්තා වූ ක්‍රියාමාර්ග හා සැසඳීමේදි මෙම දෙවසර තුළ ජනාධිපති ඒ සියළු දෙනාටම වඩා ඉදිරියෙන්ම සිටිනවා යැයි කීම අතිශයෝක්තියක් නෙවෙයි. ඒ තවදුරටත් ඉස්මතු වන්නේ බංකොළොත් බවට පත්වුණු රටක් යළි කෙලින් කටින් සිටුවා මෙම පෙළහර පෑමට සමත් වීමත් සිදු වීම මතයි.
කොහෙම නමුත් මේ ජනාධිපති රනිල් පටන් ගත්තා පමණය. ඒ අනුව ඉදිරි වසර කිහිපය ගෙවෙනු ඇත්තේ, අධිවේගී සංවර්ධන මාර්ගයකය. දියුණු වූ රාජ්‍යයක සිහිනය අත් විඳීමේ මොහොත පෙනෙන තෙක් මානයේ විය හැකිය.
- සුභාෂ් ජයවර්ධන
( 'අවුරුදු 76 ක් මොනවද කළේ? - අවසන් කොටස හෙට )
1 කොටස - රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ?
2 කොටස - වැරැද්ද කළේ කවුද ?
3 කොටස - අලුත් රටක පදනම
4 කොටස - අධ්‍යාපනය නැතුව රටක් ගොඩනගන්න බැහැ
5 කොටස - කර්මාන්තකරණයට ඇතුළත්වීම
6 කොටස - නිදහසෙන් පස්සේ ආර්ථික වර්ධනය
7 කොටස - අර්බුද සමයකින් පසුව සමාජවාදී ආණ්ඩුවක් බිහිකිරීම
8 කොටස - 1977 මහා යුග පෙරළිය
9 කොටස - චන්ද්‍රිකා-මහින්ද, අතර මැද රනිල්
10 කොටස - 2015 යහපාලන ගමන අවසන් වීම
11 කොටස - සංවර්ධනයේ ජවිපෙ සාධකය
12 කොටස - ජවිපෙ රටට මොනවද නොකළේ ?
13 කොටස - යළි සංවර්ධනයට පාර කැපීම