යළි සංවර්ධනයට පාර කැපීම (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 13 වන කොටස) Featured

Saturday, 14 September 2024 00:04

ලංකාව මෑත අවුරුදු කිහිපය තුළ තමයි ඉහළ මධ්‍ය ආදායම් මට්ටමේ ආරම්භක රටක් තත්වයට පත් වුණේ. හැබැයි ඒ තත්වය මීට දශක කිහිපයකට කලින්ම අත්පත් කර ගැනීමේ හැකියාව අපිට තිබුණා.

ඒත් වුණු වැරදී අඩුපාඩු, නිවැරදි දේශපාලන හා අර්ථික උපාය මාර්ගයන් අනුගමනය නොකිරීම, වාමාංශික හා ජාතිකවාදී පටු අවස්ථාවාදි දේශපාලන ක‍්‍රියාකාරකම්, කැරලි ගැසීම් යුද්ධ, ලෝක ආර්ථික අර්බුද ආදිය නිසා මේ අවස්ථාව අපෙන් මග හැරී තියෙනවා. මේකට නිශ්චිත වගකිව යුත්තෙක් නැහැ. හැමෝම අඩු වැඩි වශයෙන් රටේ සංවර්ධනයට බාධාකාරී වන තීන්දු තීරණ වලට සම්බන්ධයි.

අවුරුදු 76 ක් තිස්සේ පාලකයෝ මොකවත් කරලා නෑ කියලා ජවිපෙ කරන චෝදනාව මුළුමනින්ම පදනම් විරහිත, මුග්ධ සහ තක්කඩි ප්‍රකාශයක්. ඒක නින්දිත, පිළිකුල් කළ යුතු ප්‍රකාශයක් වන්නේ මේ රටේ සංවර්ධනයට වැඩිම බාධාවක්, විශාලම හානියක් සිදු කළේ ජවිපෙ විම නිසාය.IGforA

ඒ කොහොම වුණත් අද රට පවතින සංවර්ධන මට්ටමින් එහාට ගිහින් ඉහළ සංවර්ධන මට්ටමක් අත්පත් කරගැනීමේ අවස්ථාව දැනුත් විවෘත්තයි. ඒ සඳහා ආර්ථිකය වර්ධනය අඛන්ඩව වර්ධනය වන ලෙස පවත්වාගෙන යා යුතුයි. විශේෂයෙන්ම ඇඟළුම්, තේ රබර් වලින් එහාට යන අපනයනාභිමුඛ නිශ්පාදන සහ අපනයන විවිධාංගීකරණය වීම, ඊට වැඩි පහසුකම් සැපයීම. පලදායිතාවය වැඩි කරන නවීකාරක තාක්ෂණයනය යොදාගැනීම, දේශීය ව්‍යවසායක ගෝලිය සැපයුම් ජාලයේ කොටස්කරුවන් කරන, පලදායි රැකිය උත්පාදනය ආදිය ඉලක්ක කරන ප‍්‍රතිපත්ති අනුගමනය කිරීම විය යුතුයි.

සේවා ආර්ථිකයට ඇති අවස්ථා තවදුරටත් වර්ධනය වීම විය යුතුය. සංචාරක කර්මාන්ත ක්ෂේත‍්‍රය තවත් දියුණු කරන අවස්ථා උදාකරගත යුතුයි. තොරතුරු තාක්ෂණ සේවා, වරාය ගුවන් සේවා ආදිය කලාපීය වුවමණාවන් සමග වර්ධනය කර ගත හැකියි.

කෘෂි කාර්මික ක්ෂේත‍්‍රයේ ඵලදායිතාවය සහ ආදායම් වර්ධනය කිරීම සඳහා එය නවීකරණය විය යුතුයි. සම්ප‍්‍රදායික ගොවි තැන විවිධාංගීකරණය කරමින් වැඩි ආදායම් ලබන බෝගයන්ට මාරු වීම සහ එම ක්ෂේත‍්‍රයේ නව නිශ්පාදන අපනයට ඇති අවස්ථා සියල්ල අත්පත් කරගත යුතුය. ඩිජිටල් කරණය කෘෂික්ෂේත්‍රයට ගෙන ආ යුතුයි.

ආයෝජන සහ පෞද්ගලික අංශයට තිබෙන අවහිරතා ඉවත් කිරීම විය යුතුයි. මේ සමගම පාරිසරික තිරසර භාවයද රැක ගැනීම විය යුතුය.

මේ කියන දේවල් අලුත් සංකල්ප නෙවෙයි. අපි කාලයක් තිස්සේ කතා කරපු සැලසුම් හදපු වැඩ සටහන් ගොන්නක්. නමුත් මේවා හිතපු විදිහට කරගන්න බැරි වුණා. නමුත් මේවා කරන්න පුළුවන් කියන එක, කරලා පෙන්නපු එක පසුගිය දෙවසර තුළ දී පෙන්වා තිබෙනවා. මේ බොහෝ පියවරයන් ජනප්‍රිය තීන්දු තීරණ විදිහට සැලකුණේ නැහැ. වෙනදා සමහර ක්‍රියා මාර්ග ගැනීමේදී එල්ල වුණු පටු දේශපාලන අවස්ථාවාදී විරෝධයන් මේ දෙවසර තුළ දී බරපතල වුණේ නැහැ. විරෝධයන් ආවත් ඒවා පොදු ජන සමාජය පිළිගත්තේ නැහැ. මේ නිසා නිදහසෙන් පස්සේ විශේෂයෙන්ම 1977 න් පස්සේ බලාපොරොත්තු වූ සංවර්ධනය වෙනුවෙන් කර ගන්න බැරි වුණු බොහෝ දේවල් සඳහා මුලික අඩිතාලම සකස් කිරීම මේ කාලය තුල සිදු වුණා.

මේ වෙනුවෙන් අද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ගෙන තිබෙන පියවරයන් එකින් එක ගෙන කතා කළත් එය වචන නාස්තියක් වෙන්නේ නැහැ. ඒ එය ඉතිහාසය තුළ සටහන් කර තැබිය යුතු නිසා.

ජනාධිපති රනිල් 2048 වසර වන විට මේ රට, සංවර්ධනයේ මීළඟ ඉහළ මට්ටම දක්වා දියුණු කරන්න අවශ්‍ය මාර්ගය පාදා දී තිබෙනවා. අපි යා යුත්තේ ඒ පාරේ. ආයෙත් මංමුලා වෙන්න බැහැ. එහෙම වුණොත් වෙන්නේ 2048 දී ජවිපෙ තිබුණොත් හෝ එවැනි අවස්ථාවාදී මුග්ධ තක්කඩියන් කියනු ඇත්තේ 'අවුරුදු 100 ක් තිස්සේ පාලකයන් මොකවත් කරලා නෑ' කියලයි.president ranil wickremasinghe

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය රටට තවදුරටත් අවශ්‍ය වන්නේ මේ නිසා. 'මේ වෙලාවේ රනිල් තමයි ඕන' කියන්න සිදුවෙලා තියෙන්නේ මේ ඇත්ත කාරණය නිසා.

2022 දී රට බංකොලොත් වීමෙන් පසුව රනිල් රට බාර ගැනීමේදි මුලික අවධානය යොමු කළේ ඒ මොහොතේ තිබු පීඩාකාරිත්වයෙන් ජනතාව මුදා ගන්න. රටේ ආර්ථිකය යම් ස්ථාවරභාවයක් තුළට ගන්න. ඒ වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කරලා ණය බරෙන් යම් තරමකට නිදහස් වෙන්න. ගෙවුණු අවුරුදු දෙක තුල එහි ඉහළම සාර්ථකත්වය ඔහු රටට අරගෙන දීලා තියෙනවා. ජනතාවට අස්වැසිල්ලක්ගෙන දීලා තිබෙනවා.

මේ අතර වැදගත්ම දේ රට මෙතැනින් ඉදිරියට ගැනීමට ඔහු ඉදිරිපත් කළ වැඩපිළිවෙල අනුව ගෙන තිබෙන ක්‍රියා මාර්ගත් එහි අනෙක් අදියරයනුත්.

රනිල් කියන්නේ මොකක්ද ?

මේ වන විට ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් ගනනාවක් ක‍්‍රියාත්මකව තිබුණද රනිල් යෝජනා කරන්නේ හුදු ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් නොවෙයි. ආර්ථික ප‍්‍රතිසංස්කරණයන්ගෙන් පලක් නැති බව මීට ටික කලකට පෙර ව්‍යාපාරික සමුළුවක් අමතමින් ඔහු ප‍්‍රකාශ කළා. ඔහු යෝජනා කළේ ක‍්‍රම පද්ධතියේ බරපතල වෙනස්කමක් වෙත යායුතු බවයි. එනම් මෙතුවක් කල් අනුගමනය කළ ප‍්‍රතිපත්ති සැලසුම් සියල්ල අනාගතයට ගැලපෙන ලෙස වන ක‍්‍රියාදාමයකට මුල පිරිය යුතු බවයි. නමුත් එතැනට යන්න නම් කෙටිකාලීන පියවරයන් මගින් තුවාලයේ වේදනාවන් සමනය කරගත යුතුයි. ඉන් පසුව දීර්ග කාලීන වැඩ පිළිවෙලක් හරහා ස්ථාවරත්වය වෙනුවෙන් අවශ්‍ය පියවරයන් ගත යුතුයි. ඒ සාර්ථක වීමත් සමඟ තිරසාර දියුණු ආර්ථිකයකට අවශ්‍ය පදනම වැටෙනවා. 2048 වන විට ඉහළ සංවර්ධනයක් සහිත රාජ්‍යක් බවට රට පත්කරන බව කීම ජනාධිපතිවරයාගේ හුදු හිතළුවක් නොවෙන්නේ ඒ නිසාය.

එහෙත් මේ වෙනුවෙන් කළ යුතු දැවන්ත මෙන්ම සංකීර්ණ කාර්යභාරයක් තියෙනවා. මෙහිදී ජනාධිපතිවරයා සමස්තයම එක් පද්ධතියක් ලෙස එකවිට ප‍්‍රතිසංස්කරණය කිරීම සහ වැඩි දියුණු කිරීමක් යෝජනා කරයි. මේක අතනින් මෙතනින් තමන්ට දේශපාලනික වශයෙන් වාසිදායක තැන් සහ අවස්ථා තෝරමින් කෙටිකාලීනව ජනතාව සංතෘප්ත කරන ජනප‍්‍රිය තීන්දු ගැනීමේ සුපුරුදු ක‍්‍රමයට වඩා වෙනස්.

srilanka global වගේම එය තවදුරටත් මේ මුහුදෙන් වටවු දූපතේ සීමාවට කොටු වුණ, ලෝකෙන් උතුම් රට සී ලංකාවයි කියමින් නටන පටු වැඩපිළිවෙලක්ද නොවෙයි. වර්ථමානයේ සහ අනාගතයේ කලාපීය වර්ධනයන් සහ සෙසු ජාත්‍යන්තර ප‍්‍රවණතා සැලකිල්ලට ගෙන කෙරෙන දැවැන්ත ක‍්‍රියාදාමයක්.

මෙරට තුළ මෙවැනි පුළුල් සංවර්ධන වැඩපිළිවෙලක් ඉදිරිපත් වූ ප‍්‍රථම අවස්ථාව මෙය බවටත් කිසිදු සැකයක් නැහැ. ඒ අනුව කලාපයේ ප‍්‍රබලම රාජ්‍යය වන ඉන්දියාව ඇතුලූව නැගි එන රාජ්‍යන් සමඟ ඒකාබද්ධ වැඩ සටහනක් වෙනුවෙන් ශ‍්‍රිලංකාව තීරණාත්මක මැදිහත් වීමක් සිදු කරයි.

ආසියාවේ විවිධත්වය කලාපයේ ආර්ථික වර්ධනයට දායක වන සාධකයක් වන බවත් එය සැළකිය යුතු ගෝලීය බලවේගයක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. මේ වන විටත් පෘථිවියේ භූමි ප‍්‍රමාණයෙන් 30%කට ආසන්න ප‍්‍රමාණයක් සහ බිලියන 4.75 ක් එනම් ගෝලීය ජනගහණයෙන් 60%ක් සිටින ආසියාව ලොව විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති නමුත් ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ එයට හිමි තීරණාත්මක බව මෙතුවක් කල් නොසලකා හැර තිබෙනවා. ආසියා-පැසිෆික් කලාපය, ඉන්දියන් සාගර කලාපය නැගී එන ගෝලීය බලවේගයක් ලෙස ගොඩනැංවීමේ හැකියාව තියෙනවා.

මේ කරුණු කාරණ ශ‍්‍රී ලංකාවේ අභිවෘද්ධියට යොදා ගැනීමේ අරමුණු සහිතව ජනාධිපතිවරයාගේ සංවර්ධන ඉලක්ක රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිසංස්කරණ, ආයෝජන ප‍්‍රවර්ධන, සමාජ ආරක්ෂණ ජාලය, රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ යන ප‍්‍රධාන කුලූනු 04ක් ඔස්සේ සැලසුම් කර තිබෙනවා . මෙම වැඩපිලිවෙල නිදහසෙන් පසුව ඉදිරිපත් වූ පුළුල්තම සංවර්ධන වැඩසටහනයි.

මේ වැඩ පිළිවෙල සහ එහි ක‍්‍රියාත්මක වීම දීර්ග වශයෙන් සාකච්ඡාවට සංවාදයට විසංවාදයට ලක්කරමින් සහ ඊට සහභාගී වීමෙන් 2048 සංවර්ධික ශ‍්‍රීලංකාවක් බිහි කරගැනීමට දායකවීමට මෙරට සියළු පුරවැසියන්ට හැකියි. එමෙන්ම එය යුතුකමක් වගකීමක් කරගත යුතුයි. එසේ නොමැතිව එම ඉලක්ක ජයගැනීමට නොහැකියි.

 

 

- සුභාෂ් ජයවර්ධන

 

( 'අවුරුදු 76 ක් මොනවද කළේ? ' ඉතිරි කොටස් 02 හෙට සිට)

 

1 කොටස - රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ?

2 කොටස - වැරැද්ද කළේ කවුද ?

3 කොටස - අලුත් රටක පදනම

4 කොටස - අධ්‍යාපනය නැතුව රටක් ගොඩනගන්න බැහැ

5 කොටස - කර්මාන්තකරණයට ඇතුළත්වීම

6 කොටස - නිදහසෙන් පස්සේ ආර්ථික වර්ධනය

7 කොටස - අර්බුද සමයකින් පසුව සමාජවාදී ආණ්ඩුවක් බිහිකිරීම

8 කොටස - 1977 මහා යුග පෙරළිය

9 කොටස - චන්ද්‍රිකා-මහින්ද, අතර මැද රනිල්

10 කොටස - 2015 යහපාලන ගමන අවසන් වීම

11 කොටස - සංවර්ධනයේ ජවිපෙ සාධකය

12 කොටස - ජවිපෙ රටට මොනවද නොකළේ ?

Leave a comment

Gossip

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us