ජනපතිවරණයට තව දින 07 යි... Featured

Saturday, 14 September 2024 11:48

මෙම ඡන්ද විමසීමෙන් වසර 5ක ධුර කාලයක් සඳහා ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමටයි නියමිතව තිබෙන්නේ.

2024 අගෝස්තු 15 වන දින මේ වෙනුවෙන්   නාමයෝජනා  නාමයෝජනා භාර ගත් අතර ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා.

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ පළමු බලයේ සිටින ජනාධිපතිවරයා ඔහු වීම විශේෂත්වයක්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ  යන මහත්වරු ද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා.

නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් 39 දෙනා අතර පිළිගත් දේශපාලන පක්ෂවලින් 22ක්, වෙනත් පක්ෂවලින් 1ක් සහ ස්වාධීන අපේක්ෂකයින් 16ක් සිටිනවා.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන  අපේක්ෂකයින් ,

  1. දිලිත් සුසන්ත ජයවීර
  2. සරත් මනමේන්ද්‍ර
  3. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
  4. ඒ. එස්. පී. ලියනගේ
  5. පානි විජේසිරිවර්ධන
  6. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
  7. අජන්ත ද සොයිසා
  8. බත්තරමුල්ලේ සීරලතන හිමි
  9. සරත් ෆොන්සේකා
  10. නුවන් සංජීව බෝපගේ
  11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
  12. ජනක ප්‍රියන්ත කුමාර රත්නායක
  13. කේ.කේ. පියදාස
  14. මයිලවාගනම් තිලකරාජා
  15. සිරිපාල අමරසිංහ
  16. පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්
  17. සරත් කීර්තිරත්න
  18. කේ. ආනන්ද කුලරත්න
  19. නාමල් රාජපක්ෂ
  20. අක්මීමන දයාරතන හිමි
  21. කේ.ආර්. කිෂාන්
  22. පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
  23. විජයදාස රාජපක්ෂ
  24. අනුර සිඩ්නි ජයරත්න
  25. සිරිතුංග ජයසූරිය
  26. මහින්ද දේවගේ
  27. මොහොමඩ් ඉල්ලයාස්
  28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
  29. ඇන්ටනි වික්ටර් පෙරේරා
  30. කීර්ති වික්‍රමරත්න
  31. සජිත් ප්‍රේමදාස
  32. රනිල් වික්‍රමසිංහ
  33. මරක්කලමානගේ ප්‍රේමසිරි
  34. ලලිත් ද සිල්වා
  35. පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
  36. ඩී.එම්. බණ්ඩාරනායක
  37. අනුර කුමාර දිසානායක
  38. අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
  39. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්

දිවයිනේ අවසන් වරට පැවති නාධිපතිවරණය වූයේ     2019 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයයි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ  මහතා ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ  සජිත් ප්‍රේමදාස  මහතා පරාජය කරමින් ජයග්‍රහණය කළා.

2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය සහ ජන අරගලයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට ප්‍රකාරව, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි ධුර කාලය සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්දයෙන්  රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට අනුව, “ජනාධිපති ධුරයට එසේ අනුප්‍රාප්ත වන යම් තැනැත්තකු, ධුරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධුරය දැරිමට හැකියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය 2024 නොවැම්බර් 17 වැනිදායින් කල් ඉකුත් වීමට නියමිතයි.

මෙවර ජනාධිපතිවරණයෙන් පත්වන්නේ ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයායි

- ITN lk 

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us