රනිල් නැති වුනොත් රට වැටෙනවා ද ? නෑ..වෙන්නෙ මෙහෙමයි.   Featured

Sunday, 15 September 2024 13:40

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුනොත් රට නැවත අර්බුදයකට යන බවත් ගෑස් පෝලිම්, තෙල් පෝලිම් කෑම පෝලිම් එහෙම ඇතිවෙනවා, විශාල අනතුරකට රට පත් වෙනවා කියන එක රනිල් පාර්ශ්වය පැත්තෙන් දිගින් දිගටම කියනවා.

ඒ අතර ආර්ථිකය ගැන ප්ර්මාණාත්මක දැනුමක් තියෙන අයත් ඒ බිය පල කරනවා. මොකද මේ පවත්වගෙන යන ආර්ථික පිළිවෙත් වෙනස් වීම මත, එහෙම අනතුරක් විය හැකි භාවයක් තිබෙන නිසා.. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරිනියක් ද ඊයේ පෙරේදා මේ අනතුරු හැඟවීම කරල තිබුණා. බ්ලුම්බර්ග් වෙබ් අඩවිය සහ තවත් ජාත්‍යන්තර මට්ටමේ වෙබ් අඩවි කිහිපයක්ම ජනාධිපතිවරණ ප්‍රතිපලයෙන් බලය හුවමාරු වීමක් සිදු වීම, රටට අනතුරක් බව පෙන්වා දී තිබුණා.

මේ නිසා බලය විපක්ෂය අතට යෑම ගැන බියක් සැකයක් දැන් ඇති වෙලා තියෙනවා..එ්ක මහා ව්‍යාපාරිකයාගේ සිට ගමේ සිලර කඩයක් කරන කෙනා දක්වාමත් ඇතිවෙලා තියෙනවා.

මේ ගමන දිනයි දිනයි කියලා ලොකු රැල්ලක් හදාගෙන තියෙන අනුර කුමාර කරන්නෙ මොකක්ද කියන්නෙ මොකක්ද කියන එක ගැන හැමෝම ලොකු උනන්දුවකින් පසු වෙනවා. අනුරගේ පාක්ෂිකයන් විතරක් නෙවෙයි, විරුද්ධ පක්ෂ පාක්ෂිකයනුත් මේ ගැන උනන්දුයි. එ් වගේම කලින් කිව්ව වගේ නැවත ආර්ථිකය කඩන් වැටෙයිද කියන බිය උත්සන්න වෙමින් තිබෙන තත්වයන් යටතේ දැනටමත් අනුරට ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙන ජවිපෙ නොවන බොහෝ අය තුළත් තමන් ගන්න තීරණය හරිද වැරදි ද කියල නැවත හිතන තැනට මේ බිය පැතිරිල තියෙනවා. ඒ නිසා ඒ අය අනෙක් සියලු දෙනාට වඩා අනුර කරන කියන දේ ගැන උනන්දුයි. මොකද තමන්ගේ තීරණය හරියටම හරියි කියලා තමන්ට තහවුරුවක් ගත යුතු නිසා. අනික මේ අය කලින් වතාවෙත් වරද්ද ගත්ත අය. ඉතින් අනුරගේ රූපවාහිනි කතාවක් වැඩි පිරිසක් නරඹන එකේ අරුමයක් නැහැ. මේ අයට රනිල්ගේ කතා අමුතුවෙන් බලන්න දෙයක් නෑ. දැනටත් එයාගේ වැඩේ කරමින් යනවා. සජිත්, ඒක විහිළුවක්. ඒ වෙනුවෙන් කාලය නාස්ති කිරීමේ වුවමණාවක් නෑ.

ඒ කොහොම වුණත් රනිල් නැති වුනොත් රට කඩා වැටෙයි කියන මතයට ප්‍රතිපක්ෂව අනුර පාර්ශ්වයෙන් දැන් මතු කරන සරළ තර්කයක් වෙන්නේ..'එහෙම රට කඩන් වැටෙනවා නම් රනිල් මේ රට හරියට හදල නෑ. සිස්ටම් එක හරියට හදලා නෑ' කියන එක. ගොඩක් තැන්වල මේකට ඈඳලා කියල තිබුණා.. අපි බාසුන්නැහැ ලව්වා ගේ හදා ගත්තට පස්සේ එ් අයව ගෙදර නවත්ත ගන්නේ නෑනේ කියලත්.

ඔව් ඒක ඇත්තනේ කියල කෙනෙකුට හිතෙන තරම මේක ලස්සන කතාවක්.

රට බංකොලොත්භාවයෙන් රනිල් මුදවා ගත්ත එක හරි, ඒ කියන්නේ බාසුන්නැහැ ගේ හදල යන එක හරි ..නමුත් ගැටළුව තියෙන්නේ ගේ හැදුව පලියට, ගෙයක් තිබුණු පලියට සියල්ල සම්පූර්ණයි කියල ගෙදර ඉන්න බැරි කමයි.. මේ ගෙදර නඩත්තු කරන්න ඔ්න. ලයිට් බිල් වතුර බිල් ගෙවන්න ඕන ගෑස් ටැංකිය ගෙන්න ඕන.. කෑම බීම ටික ගේන්න ඕන..මේසෙ පු‍ටුවේ ඉඳල කෝප්ප පිගන් හැන්ද ගෑරුප්පුව දක්වා ගෙදර බඩු මුට්‍ටු ටික ගේන්න ඕන. ඇඳුම් පැළඳුම ටික ගන්න ඕන.. මේ වියදම් ටික කරන්න ආදායම් හොයන්න ඔ්න, ආදායමට ගැලපෙන වියදම් ටික බැලන්ස් කරගන්න ඔ්න. එ් අතරෙදි අධ්‍යාපනය, බෙහෙත් හේත් ලබා ගැනීම ගැන බලන්න ඔ්න. වන්දනා ගමනක් විනෝද ගමනක් මගුලකට තුලාවකට බණකට දානයකට වියදම් කිරීමේ පුළුවන්කම හදා ගන්න ඔ්න.. එ්ව වෙනුවෙන් ඉතුරුම්, හදිස්සියකට ගන්න මුදලක් තියෙන්නේ ඕන.. එහෙම නැත්ත වෙන කාගෙන් හරි ණයක් ගන්න පුළුවන් විශ්වාසයක් සහ සම්බන්ධතා එළියේ සමාජයත් එක්ක හදාගෙන තියෙන්න ඔ්න..

ඉතින් මේ වගේ වැඩ ගොඩක් තියෙනවා ගෙදරක පදිංචි සාමාජිකයන්ට. විශේෂයෙන්ම මේ වගකීම තියෙන්නේ ගෘහමූලිකයට. ගෙයක් තිබුණට එතැනින් වැඩේ ඉවර වෙන්නේ නැහැ.

රනිල් ගියාම රට වැටෙනවා කියන්නේ. මෙන්න මේ ගෙදර වැඩ ටික කර ගන්න විදිහක් නැති වෙන එකට. රනිල් රට ගොඩ දැම්ම කියන්නේ, ආදායම් නැතිවෙලා, හතර වටේ ණයත් ගොඩ ගැහිලා එ්වාත් ගෙවා ගන්න බැරිව තවත් ණයක් ගන්න බැරුව, ගෙදර කන්න බොන්නත් නැතුව බඩගින්නෙ මැරෙන්න වෙන තැනට ගෙදර ආර්ථිකය බංකොලොත් වෙලා තිබුණ වෙලේ යන්තම් ෂේප් වෙන ගානට ඒ අර්බුදයෙන් බේරලා දීපු එක. රනිල් ගෙදර ගෘහමුලික වගකීම අරගෙන කළේ ඒක.

ඒත් එතැනින් එහාට යන්න නම් ස්ථිර ආදායම් මාර්ග හදා ගන්න ඔ්න. ආදායම් වැඩි කර ගන්න ඔ්න.. ගෙදර වියදම් තව පුළුවන් තරම් අඩු කරගෙන තියෙන ආදායමෙන් දේවල බැලන්ස් කරගෙන යන්න වෙනවා. දැනට විනෝද වෙන්න, ආතල් ගන්න බැහැ. රනිල් කියන්නෙ ඒ ආතල් ටික ගන්න නම් තව ටික කාලයක්, මේ හදපු පිළිවෙල තියාගෙන යන්න වෙනවා කියන එක..ඒ කාලය තුළ ආදායම් හදාගන්න, ඉතුරුම් හදාගන්න, වස්තුව දේපොළ ගොඩනගාගන්න අපි වැඩ කරන්න ඔ්න කියන ඒක. එදා වේල ටුවර්ස් හරියන් නැහැ කියා.

දැන් ගෙදර ගෘහ මූලික වගකීම ඉල්ලන අය. බංකොලොත් වෙච්ච වෙලාවේ ඒ වගකීම බාර ගත්තෙ නැහැ. ඒකට කමක් නැහැ. තමන් නොදන්න, බැරි වැඩ නොකර පැත්තකට වෙච්ච එක හොඳයි. නැතිනම් අද කතා කරන්න ගෙයකුත් නැතිවෙන්න ඉඩ තිබුණා. කොහොම වුණත් රටේ වාසනාවකට වගේ රනිල් එ්ක බාරගෙන කළා..අධි වේගීව වැඩ කළා.. ඒත් ඉවර නෑ තවම.. කන්න බොන්න ටික ගෑස් ටික, තෙල් ටික, ලැබුණට, ආදායම පොඩ්ඩක් වැඩි කර ගත්තට තවම තියෙන්නේ අවදානම් තැනක. අවශ්‍ය වියදම් ටික කරන්න තරම් ආදායමකුත් නැතිව.

ඒත් විපක්ෂ අය හිතනවා දැන් ඔක්කොම ලැබෙනවා අපිටත් මේක බාරගෙන කරන්න පුළුවන් කියලා. එ් නිසා තමයි එයාල අර විශාල ප්‍රතිපත්ති ප්‍රකාශන එහෙමත් හදාගෙන මැතිවරණ වේදිකා වලට වෙලා අපි ආවොත් අරම කරනවා මෙහෙම කරනවා. අරවා දෙනවා මේවා දෙනවා..අපි ආවොත් ෆුල් ආතල් එකක් ගන්න පුළුවන් කියල කියන්නේ. හැබැයි එ්වා කරන්න ඔ්න වැඩි ආදායම් හොයන්නේ කොහොමද කියල කියන්නෙ නෑ. අඩු ගානේ සජිත් කියනවා මේ කරගෙන යන විදිහටම කරගෙන යන්නම් කියලවත්..හැබැයි ලොකු ආතල් එකක්කුත් දෙන්නම් කියනවා. අනුර කියන්නේ මේක මෙහෙම කරන්න ඔ්න නෑ මට වෙන විදිහක් තියෙනවා.. හැබැයි ආතල් පිට ආතල් දෙනවා කියලා.. හැබැයි මේවා කියන්නේ දැනට තියෙන ආදායම් මාර්ගත් වහගෙන, තව කිහිප ගුණයක වෙන ආදායම් හොයාගෙන කරනවා කියලා.. ඔව් එහෙම නැතුව බෑ..ඒත් ලොකුම ප්‍රශ්නය මේ කියන අලුත් ආදායම් හොයා ගන්නේ කොහොමද කියල හරියට කියන්නේ නැති එක. ඒ කියන දේවලුත් නිකම් උපකල්පන විතරයි, නිශ්චිත නෑ. අපිට සල්ලි හම්බවෙයි, හොයා ගන්න පුළුවන් වෙයි කතා.

මෙතන තමයි ගැටලුව තියෙන්නේ.. රනිල් නැති වුනොත් රට ආයෙත් කඩා වැටෙයි කියන්නේ මේකට. රටේ තියෙන ආදායම් ප්‍රමාණයට වඩා වියදම් කරන යෝජනා තොගයක් ක්‍රියාත්මක කරන්න ගියොත් රට කඩා වැටෙන එක අනිවාර්යයි. ඒත් අරවා කරන්නම් මේවා කරන්නම් කියල රට බාර ගන්න අයට එ්වා කරන්නම වෙනවා.. කරල පෙන්නන්න වෙනවා.., තමටත් පුළුවන් කියලා. එහෙම බැරි වුනොත් වෙන්නෙ මොකක්ද කියන එක ඒ අයට කියන්න ඕන නෑ. ඒත් රනිල් ආපු ගමන මේ විදිහටම යන්න මේ අයට තෝරගන්නත් බෑ. මෙයාලට ඡන්දය දෙන අය දෙන්නේ රනිල් කරන ඒවා කරන්න නෙවෙයි. මෙයාලා කරනවා කිව්ව දේවලි වලින් තමන්ට වාසියක් කර ගන්න.. ඒ නිසා මේ වෙලාවේ ලොකුම අර්බුදයක ඉන්නේ මේ වෙන්ඩ ජනාධිපතිවරු දෙන්නා.

ඒ නිසා රට වැටෙන්න නොදී රට මුළුමනින් ස්ථාවර වෙනකම්, මේ අමාරු ගමන ඉදිරියට අරගෙන යන්න නම් අර්බුදය හරියටම හඳුන ගත්ත, යා යුතු ගමන යෝජනා කරපු.. ගමන යන්න ඔ්න කොහොමද කියලා දන්න.. යන්නෙ කොහෙද.. නවතින්නේ කොහෙද කියල හරියට දන්න කෙනා එක්ක මේ ගමන යන්නම වෙනවා.. පුළුවන් මිනිහා අත් හැරල වෙන ආතල් ගන්න මේ වෙලාවෙ බෑ..

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us